ආජීවාෂ්ටමකශීලය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:10, 11 මාර්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) (Senasinghe විසින් ආජීවාෂ්ටමක ශීලය සිට ආජීවාෂ්ටමකශීලය වෙත පිටුව ගෙන යන ලදී) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සම්‍යක් ආජීවය හෙවත් දැහැමි දිවිපැවැත්ම අටවැනි කොට ඇති ශීලය ආජීවාෂ්ටමක ශීල නම් වේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර (අබ්‍රහ්මචර්යා) යන මේ පව් තුනින් වැළකීම කායික සංවරයයි. බොරු කීමෙන්, කේළාම් කීමෙන්, රළු වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළකීම වාචසික සංවරයයි. මේ සිල්පද හතට ආජීවය හෙවත් මිථ්‍යා ආජීවයෙන් වැළක ධාර්මික ආජීවයෙහි යෙදීම නමැති අටවන ශික්ෂා පදය ඇතුළු වීමෙන් ආජීවාෂ්ටමක ශීලය සම්පූර්ණ වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආජීවාෂ්ටමකශීලය&oldid=7640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි