ඉරිබටයා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:51, 4 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(තෙරපොන් ජාබුවා —Therapon jarbua Forskal). වෙරළ අසල මුහුදෙහි හා ගංගා මෝයවල ජීවත් වන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 9 ක් පමණ දිගය. උගේ රිදීවන් ශරීරයේ උඩපැත්ත දුඹුරුපාටය. කළුපාට ඉරි තුනක් ශරීරයේ තිරස් අතට වැටී ඇත. 4 වැනි හා 8 වැනි පෘෂ්ඨීය කණ්ටක අතර ලොකු කළුපාට පැල්ලමක් තිබේ. ඉරිබටයා අක්ටිනොප්ටෙරිහි උපවර්ගයෙහි පෙර්සිෆෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි තෙරපොනිඩෙ (Theraponidae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරිබටයා&oldid=7780" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි