ඉරිපැන්නුම්
සිංහල විශ්වකෝෂය වෙතින්
09:17, 2 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
මන්ත්ර ශාස්ත්රයෙහි ඇතුළත් අභිචාර කර්මයන්ගෙන් එකකි. මෙය ඇතැම් විට වින කිරීමක් වශයෙන් ද ඇතැම් විට දබර කිරීම් පිණිස පසු පස්සේ ලුහුබැඳ එන සතුරා බිම හෙළීමට ද යොදනු ලැබේ. ජප කරන ලද දණ්ඩකින් පාර හරහට ඉරක් ඇන්ද විට එය ඉක්මවා හෝ ඊට උඩින් පැන හෝ යන සතුරාට උවදුරු පැමිණවීම මෙහි අදහසයි.
(සංස්කරණය: 1970)