ඉලිනියම්
සිංහල විශ්වකෝෂය වෙතින්
11:27, 2 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(Illinium). පරමාණුක ක්‍රමාංකය 61ක් වූ මූලද්‍රව්‍යයකින් පිරවිය යුතු එක් හිස් ස්ථානයක් ආවර්තිතා චක්‍රයෙහි (ආවර්තිතා චක්‍රය බ.) තිබෙන බව මෝස්ලි (Mosley) (බ.) විසින් කරන ලද පර්යේෂණවලින් දැනගන්නට ලැබිණි. 1926 දී බී.ඇස්. හොප්කින්ස් හා තවත් දෙදෙනකු මේ මූලද්‍රව්‍යය අලුතෙන් සොයාගත් බව වාර්තා කරන ලදි. මෙම පර්යේෂණ පැවැත්වුණු ඉලිනොයි විශ්වවිද්‍යාලයේ නම ඇසුරෙන් මේ මූලද්‍රව්‍යයට ඉලිනියම් යන නම දෙනු ලැබීය.
මේ මූලද්‍රව්‍යය ස්වාභාවික ලෙස පවතී ද යන්න අවිනිශ්චිතය. මේ පරමාණුක ක්‍රමාංකය ඇති මූලද්‍රව්‍යයක් කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කොට ඇත. ඊට ඉලිනියම් වෙනුවට ප්‍රොමීතියම් කියා අලුත් නාමයක් දැන් දී තිබේ. ප්‍රොමීතියම්වල පරමාණුක ක්‍රමාංකය 61ය; පරමාණුක භාරය 145 ය. වැඩි විස්තර සඳහා 'ප්‍රොමීතියම්' යටතේ බලන්න.
(සංස්කරණය: 1970)