ඉබ්න් දුරයිද්
සිංහල විශ්වකෝෂය වෙතින්
08:51, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(837 - 934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්ය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(837 - 934). අරාබි කවියකු වූ මොහු පිළිගත් වාග්විද්යාඥයෙක් ද විය.
බස්රාවේ උපන්, දකුණු අරාබි ගෝත්රයකට අයත් වූ මොහු 871 දී ඕමන් වෙත පලා ගියේය. ක්රි. ව. 883 දී ඉන් පර්සියාවට ගිය ඉබ්න් දුරයිද් 920 වන තුරු ම එහි ජීවත් වූයේය.
ඉබ්න් දුරයිද්ගේ " නිරුක්ති ග්රන්ථය " (කිතාබ් අල් ඉෂ්තිකාක්) නම් කෘතිය වූකලි අරාබි ගෝත්ර නාමයන්ගේ නිරුක්ති පිළිබඳව ලියැවුණකි.
විශාල අරාබි ශබ්දකෝෂයක් ද මොහු විසින් කරන ලදි.