ඇට්ටඹරා

සිංහල විශ්වකෝෂය වෙතින්
09:47, 9 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඇටම්බරු) (ෆග්රෙයා සීලනිකා- Fagraea ceilanica Thunb) මෙය දුඹුරු පාටට හුරු රළු පොත්තක් සහිත කුඩා අලංකාර ගසකි. කොළ විශාලය. අඟල් 5-10 දක්වා ඝන වූ කෙටි බහු-අක්ෂවල විශාල මල් පිපේ. මල් ළා කහ පාටට හුරුය. මුකුටය තරමක් මාංසලය. මුකුට නාලය අඟල් 3-4 දක්වා ද ගෝලාකාර ඵලය අඟල් 2ක් පමණ ද දිගය. ඵලාවරණ ඝනය. තද දුඹුරු පාටින් යුත් ඇට රාශියකි.

ලෙගනියාසේ කුලයට අයත් මේ ශාකය ලංකාවේ වැවෙන්නේ පාතරට තෙතමන සහිත ප්‍රදේශවලය. දකුණු ඉන්දියාවේ ද දක්නට ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇට්ටඹරා&oldid=8058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි