ඉමන්ද්‍රා
සිංහල විශ්වකෝෂය වෙතින්
09:37, 29 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සෝවියට් රුසියාවේ කෝලා අර්ධද්වීපයෙහි උත්තරාක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සෝවියට් රුසියාවේ කෝලා අර්ධද්වීපයෙහි උත්තරාක්ෂාංශ 67° 59′ හා නැගෙනහිර දේශාංශ 33° 1′ ආශ්‍රිතව පිහිටි විලකි. බෝල්ටික් පලිහ නමින් හඳුන්වනු ලබන ග්රැනිට් පාෂාණමය සානුවෙහි අයිස් ඛාදනය නිසා හෑරී ඇති ද්‍රෝණියක වූ මෙම විල සැ. 65ක් පමණ දිගය; ව.සැ. 330ක් විශාලය. මින් නිකුත් වන නීවා (Neva) ගඟ ජල විදුලි බලය නිපදවීම උදෙසා යොදාගෙන ඇත. ඉමන්ද්‍රා විලෙහි නැගෙනහිර ඉවුරබඩ තඹ නිධි තිබේ. මුර්මාන්ස්ක්හි සිට ලෙනින්ග්‍රාඩ් දක්වා වූ දුම්රිය මාර්ගය ද මෙම විලෙහි නැගෙනහිර ඉවුර ඔස්සේ වැටී ඇත.
(සංස්කරණය: 1970)