ඇනක්‍රියොන්
සිංහල විශ්වකෝෂය වෙතින්
08:43, 8 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්‍රිස්තු පූර්ව 572-488). ග්‍රීක භාවගීත රචකයෙකි. සු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(ක්‍රිස්තු පූර්ව 572-488). ග්‍රීක භාවගීත රචකයෙකි. සුළු ආසියාවේ තියෝස්හි උපන් ඔහු සේමොස්හි පොලික්රේටිස් රජුගේ ආරාධනාවෙන් ඒ රජසබයෙහි ද එරජු ඇවෑමෙන් ඇතන්ස්හි හිපාර්කස් රජසබයෙහි ද වෙසෙමින් ප්‍රශස්ති කාව්‍ය රචනා කළ බව සිතිය හැකිය. ඔහුගේ භාවගීතවලට ප්‍රධාන වශයෙන් විෂය වූයේ මධුපානය සහ ශෘංගාරයයි.
(සංස්කරණය: 1967)