උදභාණ්ඩපුර

සිංහල විශ්වකෝෂය වෙතින්
15:39, 11 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියාවේ වයඹ දිග දේශසීමා ප්‍රාන්තයේ උ.අ. 34° 2’...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ වයඹ දිග දේශසීමා ප්‍රාන්තයේ උ.අ. 34° 2’ හා නැ.දේ. 72° 27’ ආශ්‍රිතව සින්ධු නදිය බඩ පිහිටි නගරයකි. පැරණි නගරයක් වූ මෙහි නෂ්ටාවශේෂ ඇටොක් නගරයේ සිට සැතපුම් පසළොසක් දුරින් දැනට උණ්ඩි නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි දක්නට ලැබේ. උදභාණ්ඩපුර යන නාමයෙන් කල්හණ ද උ-තො-කියා-හන්-චි යන නමින් හියුං සියං ද වයිහින්ද් යන නමින් අල් බිරූනි ද මේ නගරය හඳුන්වා ඇත.

මේ ප්‍රදේශයේ පුරාවිද්‍යා පරීක්ෂණ පැවැත් වූ ජනරාල් කනිංහැම් මහතාට ශක, කුෂාණ ආදි රජවරුන්ගේ කාලවලට අයත් පැරණි කාසි සොයා ගත හැකි විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උදභාණ්ඩපුර&oldid=9074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි