උනම්බුවේ බණ්ඩාර

සිංහල විශ්වකෝෂය වෙතින්
11:40, 27 නොවැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අවසාන සිංහල රජතුමා ලෙස සැලකෙන වීරපරාක්‍රම නර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අවසාන සිංහල රජතුමා ලෙස සැලකෙන වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (බ.) රජු යකඩදෝලියකගෙන් ලත් පුත්‍රයෙකි. ඇතැමෙක් මොහු මාම්පිටියේ බණ්ඩාර යනුවෙන් ද හඳුන්වති. නරේන්ද්‍රසිංහ රජුහට අගමෙහෙසියගෙන් ලැබුණු පුත්‍රයෙක් නොවීය. එහෙයින් උනම්බුවේ බණ්ඩාරහට රාජ්‍යය ලබාදීමට ඇතැම් උසස් නිලධාරීන් අදහස් කළ ද බලවත් වඩුග ඇමතියන්ගේ විරුද්ධතාව නිසා එම අදහස නිෂ්ඵල විය. වීරපරාක්‍රමයන් නායක්කර් බිසවගේ සොහොයුරකුහට රාජ්‍ය උරුමය පවරා දී තිබිණැයි ද කියත්. එකල හඟුරන්කෙත රාජ භාණ්ඩාගාරය භාරව සිටි ‘නායක්කර් හාමුදුරුවෝ’ නමින් හැඳින්වුණු එම නායක්කර් වංශිකයා ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය.

කෙසේ වුව ද උනම්බුවේ බණ්ඩාරයනට සිංහාසන උරුමය නිසා නවරජුගෙන් කිසිදු හිරිහැරයකට භාජන නොවී රජවාසල සම්බන්ධය ඇතිව විසීමට හැකි විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උනම්බුවේ_බණ්ඩාර&oldid=9177" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි