උපසීව

සිංහල විශ්වකෝෂය වෙතින්
14:15, 9 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අසුමහසව්වන්වහන්සේ අතුරෙහි ලා ගැණෙන මුන්වහන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අසුමහසව්වන්වහන්සේ අතුරෙහි ලා ගැණෙන මුන්වහන්සේ බාචරි තවුසාගේ ශිෂ්‍යයකු ව සිටියහ. අජිත මාණවකාදීන් හා සමග බුදුන්වහන්සේ වෙත ගිය අවස්ථාවෙහි බුදු සමය කෙරෙහි පැහැද පැවිදි බිමට පැමිණියහ. ඒ අවස්ථාවෙහි පැවැත්වුණු ධර්ම සාකච්ඡාව “උපසිවමාණවපුච්ඡා” යනුවෙන් දැක්වේ. එය සූත්‍ර නිපාතයෙහි පාරායන වර්ගයේ සවැනි සූත්‍රයයි. අර්හත්භාවය ලැබූ උපසීව තෙරණුවෝ ද අසූමහසව්වත් අතුරෙහි ලා සලකනු ලබති. උන්වහන්සේ පදුමුත්තර බුදුන් සමයෙහි අනෝම නම් පව්වෙහි තවුසකුව සිටි බව අපදාන පාළියෙහි කියැවේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපසීව&oldid=9445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි