උපචාර (3)
සිංහල විශ්වකෝෂය වෙතින්
10:52, 18 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජපාදි ක්‍රියාරම්භයට පෙර කටයුතු පූජාවිධි හා ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ජපාදි ක්‍රියාරම්භයට පෙර කටයුතු පූජාවිධි හා වත්පිළිවෙත් ද පූජාද්‍රව්‍යාදිය ද උපචාර නම් වේ. මන්ත්‍ර සාධනාදි ක්‍රියා විෂයෙහි උපචාර ඉතා උසස් කොට සලකනු ලැබේ. ජල, පුෂ්ප, ඵල, තාම්බූල පූජාදි උපචාරයන්ගෙන් තොරව කරනු ලබන ජපකර්මාදිය නිෂ්ඵල වන්නේ යයි කියැවේ. උපචාර පිළිබඳ දීර්ඝ විස්තර තන්ත්‍ර ශාස්ත්‍රයෙහි දක්නට ලැබේ.
(සංස්කරණය: 1970)