උඳුගොඩ

සිංහල විශ්වකෝෂය වෙතින්
12:37, 1 ජනවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සබරගමු පළාතේ පරණකූරු කෝරළේ කඳු අහපත්තුවේ පිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සබරගමු පළාතේ පරණකූරු කෝරළේ කඳු අහපත්තුවේ පිහිටි කුඩා නගරයකි. කෑගල්ල-බුලත්කොහුපිටිය පාරේ වූ මෙයට කෑගල්ලේ සිට දුර සැ. 10කි. රබර් හා තේ වගා කරන අවට පෙදෙස්වල නාගරික මධ්‍යස්ථානය වූ උඳුගොඩ සමීපයෙන් නාරංගොඩ, පාරඹේ, යටිදෑරිය, කනංගොමුව ආදි පෙදෙස්වලින් එන පාරවල් කීපයක් කෑගල්ල-බුලත්කොහුපිටිය මාර්ගයට එක් වේ. උඳුගොඩ නගරයෙහි දිස්ත්‍රික් ආරෝග්‍යශාලාවක්, තැපැල්හලක් හා මහ විදුහලක් ද ඇත. නගර සීමාවෙහි වූ තන්නිමලේ නම් ස්ථානයේ දැකුම්කලු හින්දු කෝවිලක් වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඳුගොඩ&oldid=9784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි