ඇලගේනි ගඟ
සිංහල විශ්වකෝෂය වෙතින්
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්යයේ පෙන්සිල්වේනියා සහ නිව් යෝක් ජනපද හරහා ගලන ගඟකි. මුහුදු මට්ටමෙන් අඩි 2,500ක් උසැති උතුරු පෙන්සිල්වේනියාවේ පිහිටි ඇලගේනි කඳුකරයෙන් පටන් ගන්නා මෙය ඔහායෝ ගඟේ අත්තකි; දිගින් සැතැපුම් 325කි. වර්ග සැතපුම් 11,400ක පමණ ජලවහන ප්රදේශයක් සහිත ඇලගේනි ගඟට කිස්කිමිනටස්, ක්ලැරියන්, ෆ්රෙන්ච් ක්රීක් ආදි අතු ගංගා කීපයක් ම ඇත. පිට්ස්බ'ග් නගරයේ සිට සැතැපුම් 200ක් පමණ ඉහළට එහි ජලයාත්රා යා හැකියි. ඒ ප්රදේශයේ දුම්රිය මාර්ග දියුණු කිරීමට පෙර, ගඟ දෙපස නිෂ්පාදනය වූ ගල් අඟුරු සහ ඛනිජ තෙල් එහා මෙහා ගෙනයාමට මෙම ගඟ උපකාරී විය.
(සංස්කරණය: 1967)