ඉයාම්පූ
සිංහල විශ්වකෝෂය වෙතින්
(Illampu). බොලීවියානු ඇන්ඩීස් (බ.) කඳුකරයේ පිහිටි ශිඛර තුනකින් යුත් සෝරාටා කඳු කුළු අතුරෙහි ඉතා ම උස් ශිඛරයයි. උසින් අඩි 21,276ක් වූ මේ මුදුන සෑම කල්හි ම හිමෙන් වැසී ඇත. 1898 දී සර් විලියම් කොන්වේ මෙම කූටය තරණය කෙළේය.
(සංස්කරණය: 1970)