එලුවයිතිවු
සිංහල විශ්වකෝෂය වෙතින්
යාපන දිස්ත්රික්කයේ දූපත් කොටසෙහි එක් දූපතකි. කයිට්ස් නගරයට සැතැපුම් තුනක් පමණ බටහිර දිගින් පිහිටි මේ දූපත වර්ග සැතැපුමකට වඩා විශාල නොවේ. කයිට්ස් ඡන්ද කොට්ඨාසයට අයත් මෙම මුළු දූපත ම තනි ග්රාමසේවක කොට්ඨාසයකි. එය වියළිය; නිසරුය. අවට දූපත් හා ප්රධාන දිවයින කරා මෙහි සිට යා යුත්තේ බෝට්ටුවෙන් මය. උපතැපැල්පළක් මෙහි ඇත.
(සංස්කරණය: 1974)