අඃ

සිංහල විශ්වකෝෂය වෙතින්
09:02, 30 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('විසර්ගය වර්ණමාලායෙහි සටන් කරන අයුරුය මේ. ශුද්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

විසර්ගය වර්ණමාලායෙහි සටන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පාදාන්තයට පැමිණ සකාර රේඵයන් ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරැණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය (අං බ.). (සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඃ&oldid=1169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි