දළදා මාළිගය - මහනුවර

සිංහල විශ්වකෝෂය වෙතින්
14:21, 9 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('== දළදා මැදුරේ කොටස් == පැරණි යුගවල තිබුණු දළදා ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දළදා මැදුරේ කොටස්

පැරණි යුගවල තිබුණු දළදා මැදුරු විශාලත්වයෙන් මෙන් ම අංගෝපාංගයන්ගෙනුත් ඉතා විශිෂ්ට තත්ත්වයක තිබුණු බවට සැකයක් නැත්තේ ය. එහෙත් ඒ සම්බන්ධව නිවැරදි අවබෝධයක් ඇති කරගන්නට ක්‍රමයක් නොමැති ය. දැනට තිබෙන දළදා මැදුර වූකලී සිංහල ජාතිය ඉතාමත් දිළිඳු අවස්ථාවට පත් වූ අවචියෙහි කරවන ලද්දකි. සෙංකඩගලනුවර පළමුවන විමලධර්මසූරිය රජු විසින් කරවන ලද දළදා මන්දිරය සතුරු උවදුරු කරන කොට ගෙන නටබුන් තත්ත්වයක තිබුණේ ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එය නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ය. මහනුවර දළදා මාලිගය සාදවන ලද්දේ එකල උඩරට විසූ දක්ෂ ගෘහ නිර්මාන ශිල්පීන් ලවා ය.

ගඳකිලිය

ගෙපලු බරාඳ

කත් තියන බරාඳ

හදුන් මණ්ඩපය

හළු මණ්ඩපය

කවිකාර මඩුව

හේවිසි මඩුව

උඩුමහල

පල්ලේමහල

මුළුතැන්ගෙවල්

මුරගෙවල්

දකිනා මණ්ඩපය

වාහල් යනාදීහු දැන් තිබෙන දළදා මැදුරෙහි අවයවයෝ ය. මේවා ඇතුරෙන් දළදා කරඬුව තිබෙන ගෘහයට වැඩ සිටින ගෙය හෙවත් ගඳකිලිය'යි කියනු ලැබේ. සිංහල රාජමන්දිරයේ ගෘහපංතියෙහි සැළැස්ම ද දළදා මන්දිරයෙහි සැළැස්මට සම වේ. ඊට සාක්ෂි වනුයේ මහනුවර මහාවාසල මේ දැක්වුනු ගෘහාවයවයන්ගෙන් යුක්ත වුනු හෙයිනි. ගෙපලු යනු ගෙහපාලක ශබ්දයෙන් ආයේ යයි කිව හැක. ගෙපලු බරාඳ යනු ගෘහයක් නොව ශාලාවකි. “වරැන්ඩා” යන්නෙන් බරාඳය'යි සැදුනු බව පෙනේ. ගෙයක් රැකබලා ගන්නාට ගෙපලරාල යයි කියති. එසේ නම් දළදා වහ්නසේ වැඩ සිටින ගෙයයි. දළදා වහන්සේට තේවාවා කරන භික්ෂූන් වහන්සේට උපකාරී වීම ද ගෙපරාල නම් නිලදාරියාට අයත් රාජකාරියකි. කත් තියන බරාඳ යනු දළදාවහන්සේ ට පුද පිණිස ගෙනෙන හේමකද, තබන බරාඳයි. හේමකද ගෙනෙන නිලදාරියාට කත්තියන රාල යයි කියනු ලැබේ.

හඳුන් මණ්ඩපය මේ ස්ථානයෙහි දළදා වහන්සේට මල් පහන් පූජා කරණ විට හඳුන් ගලගා පිළියෙල කරණ තැන ය.

හේවිසි මණ්ඩපය මේ ස්ථානයෙහි දළදා වහන්සේට ශබ්ද පූජා පිණිස පසඟතුරු නාදය පවත්වන ශාලාවක් වැනි කොටසකි.

මුරගෙවල් මුර ගෙවල්වල දළදා මැදුර රක්නා මුරකාරයන් හා දළදා මාලිගාවෙහි ඒ ඒ තේවමුරයන් කරන නිලකාරයන් නවතින තැන් වෙති.

වාහල් දළදා මන්දිරයෙහි සතර දොරටුවයි.

උඩමාලය යනු ද දළදා කරඬුව තිබෙන උඩුමහල තලයයි.

පල්ලේමාලේ යනු යටිමහල් තලයයි. පල්ලෙමාලයේ සර්‍වඥ ධාතු සහිත පිළිම වහන්සේට තේවය කරන අයගේ ප්‍රධානයාට පල්ලේමාලේ රාල යයි කියති.

මුළුතැන්ගෙවල් නම් දළදාපුදයට කිරි අහර ආදිය පිසින ගෙවල් ය.

දක්නා මණ්ඩපය යනු දළදා වහන්සේ දක්වන්නා වූ ද දැක බැහැදක්නා වූ ද විශාල ශාලාවයි.

දළදා මැදුරේ සේවක පිරිස දළදා මන්දිරයේ සේවක පිරිස, ඇතුල් කට්ටලය, පිටකට්ටල යයි දෙකොටසකි. ඇතුල් කට්ටලයේ සේවකයෝ පයින්ඩ සොළසකට බෙදේ. ඔව්හු පිළිවෙළින් උසස් සේවයන්හි නියුක්ත වූහ. සොළොස් වැදෑරුම් පයින්ඩකාරයෝ හෙවත් නිලමක්කාරයෝ නම් කවරුන්ද යත්:

1. දියවඩන නිලමේ

2. කාරියකෝරල හෙවත් කාරිය කරවන රාල

3. වට්ටෝරුරාල

4. ගෙපරාල

5. කත්තියන රාල

6. හක්ගෙඩිරාල

7. පල්ලේමාලේරාල

8. ආරච්චිරාලලා දෙදෙනා

9. මුළුතැන්රාලලා දෙදෙනා

10. ආලත්තිමහගෙලා

11. මොහොට්ටාලලා (තිදෙනයි)

12. නැකත් රාල

13. කවිකාරමඩුවෙරාලලා

14. පනික්කලේ

15. බෙරවයන්නෝ

16. මුරකාරයෝ

පන්දම්කාරයෝ ඇතුල් කට්ටලයෙන් බැහැරයි.

භික්ෂූන් වහන්සේලාගේ තේවය පයින්ඩ සංඛ්‍යාවට ඇතුලත් නොකරන ලද්දේ එය වෙන් වෙන් වශයෙන් හඳුන්වනු සඳහා ය. අස්ගිරි මල්වතු මහවිහාර දෙකෙන් තේවමුරයට භික්ෂූන් වහන්සේලා නියුක්ත කරනු ලැබෙත්. තේවමුරයක් ලැබීම උසස් ගෞරවයක් වශයෙන් මහවිහාර දෙකේ සංඝයා වහන්සේලා සලකති. සේවය කරණ භික්ෂූන්ට වියදම් පයින්ඩ නම් වූ වී බුසල් ගණනක් බණ්ඩාර අටුවෙන් ලැබේ. දළදා මන්දිරයෙහි සේවයෙහි යෙදී සිටින්නන්ගේ නොමනා පැවතුම් නිසා ඔවුන්ගේ තත්ත්වයට අයත් සම්මානයෙන් පිරිහී සිටිති.

(කර්තෘ: පී.ඇම්.පී. අභයසිංහ)

(සංස්කරණය නොකළ)