දෙහිවල ධම්මාලෝක හිමි

සිංහල විශ්වකෝෂය වෙතින්
15:15, 1 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උමතු රෝගීන්ට ආයුර්වේදීය වෛi ක්‍රම අනුව වෙදකම්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උමතු රෝගීන්ට ආයුර්වේදීය වෛi ක්‍රම අනුව වෙදකම් කිරීමෙහි ලා ඉමහත් කීර්තියක් දැරූ “නීලම්මහර හාමුදුරුවෝ” නොහොත් දෙහිවල ධම්මාලෝක හිමි අපවත් වූයේ 1964 ජූනි මස 4 වැනි දා ය.

නීලම්මහර විහාරස්ථානය සාර්ථක ලෙස උමතු රෝගීන් සුවපත් කරනා ස්ථානයක් හැටියට දීර්ඝ කාලයක පටන් නම් දැරූ තැනකි.

මහනුවර යුගයේ අවසාන භාගයේ උඩරටින් රුහුණු පෙදෙස බලා ගොස් දික්වැල්ලේ පදිංචි වූ වෙද පරපුරකට අයත් පින්වතෙක්. බේරහැර පැරණි විහාරස්ථානයේ පැවදිව දික්වැල්ලේ හිමි නමින් ප්‍රසිද්ධව සිටි නීලම්මහර නව විහාරස්ථානයක් ඇරඹී ය. පසු කලැ නීලම්මහර මහා විහාරය නමින් ප්‍රසිද්ධියට පත් වූයේ එම ආරාමය යි. එහි ඇති විෂ්ණු දේවාලයක් විහාරස්ථානය ඇරඹූ මුල් අවධියේ ම ගොඩනගන ලද්දකි.

වැලිවට සඟ රජ හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අයත් (ගුරු වැටියේ හිමි), ගිනිගත් පිටියේ හිමි, ගංගොඩවිල හිමි, දික්වැල්ලේ හිමිගේ ශිෂ්‍ය ගංගොඩවිල සෝභිත හිමියන්ගෙන් පසු ඇරැව්වල හිමිපාණෝ එම විහාරයේ අධිපති වූහ. දෙහිවල ධම්මාලෝක හිමි ඒ ඇරැව්වල හිමියන්ගේ ශිෂ්‍යයා ය.

මුන්වහන්සේගේ කාලයේ එම විහාරය එම විහාරය මෙන්ම ඒ අවට ප්‍රදේශය ද දියුණු වූයේ ය. ගොඩිගමුවේ ධර්මාලෝක විiාලය මුන්වහන්සේ ආරම්භ කරන ලද්දකි.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)