අනුරාධ-1
සිංහල විශ්වකෝෂය වෙතින්
විජයකුමරු සමඟ ලක්දිවට පැමිණි පිරිසෙන් එකකු සේ මහාවංසයෙහි දැක්වේ. පසුව විජය රජුගේ ඇමැති තනතුරකට පත් වූ මෙතෙමේ කොළොම් හොය (මල්වතුඔය) ඉවුරෙහි අනුරාධගාම නමින් ගමක් පිහිටුවාලූයේය. අනුරාධපුරය (බ.) බවට පත්වූයේ මේ ග්‍රාමයයි.
(සංස්කරණය:1963)