අමරපුර
ඉහළ බුරුමයේ ඉරවඩි නදියේ නැගෙනහිර ඉවුරටත් තෞංගතමන් විලටත් අතර පිහිටා තුබුණු පැරණි නගරයකි. මේ නගරය පිහිටා තුබුණු මණ්ඩලයේ දිස්ත්‍රික්කයේ නිරිතදිග උප දිස්ත්‍රික්කය ද දැනට හැඳින්වෙන්නේ අමරපුර යන නමිනි. ම්‍යො හෝං (පුරාණ නගරය) හා තෝංම්‍යො ( දක්ඛිණ නගරය) යන නම්වලින් ද බුරුම ජාතිකයෝ මේ නගරය හඳුන්වති.
පැරැණි ආවා නගරයට සැතපුම් හයක් පමණ ඊසාන දෙසින් පිහිටා තුබුණු අමරපුරය ක්‍රි.ව.1783දී ගොඩනංවන ලද‍්දේ බුරුමයේ අලොංපායා රාජවංශයේ බොදව්පායා (1781-1819) රජු විසිනි. අමරපුර නගරය 1783 සිට 1823 දක්වා ද, 1837 සිට 1857 දක්වා ද බුරුමයේ අලොංපායා රාජ පරම්පරාවේ රජවරුන් කිහිපදෙනෙකුගේ අගනුවර වශයෙන් පැවතුණි. 1823දී මේ නගරයේ ඇති වූ විශාල ගින්නක් නිසා බහිය්දාව් (1819-38) රජු කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ නගරය තාවකාලිකව තරවඩි (1838-46) රජු 1837දී අමරපුර නගරය බුරුමයේ අගනුවර හැටියට පිළිගැනීමෙන් පසු යළිත් එය දියුණු වන්නට විය. ඉක්බිති 1857දී තරවඩි රජුගේ බාල සොහොයුරු මින් දොන් මින් රජු (1853-1878) අමරපුරය අත්හැර ගොස් මණ්ඩලයේ නුවර තමාගේ අගනුවර කරගැනීම නිසා යළිත් එය පිරිහෙන්නට වන.
ක්‍රි.ව.1802 දී අඹගහපිටියේ ඤාණවිමලතිස්ස නම් සාමණේරයන් වහන්සේ උපසම්පදාව අපේක්ෂා කොට බුරුම රටට පැමිණෙන විට බොදව්පායා (ශ්වේත හස්ති ස්වාමි මහාධම්ම රාජාධිරාජ) නම් රජතුමා අමරපුරය ස්වකීය රාජධානිය කොට විසීය. ඤාණභිවංස සංඝරාජයන් උපාධ්‍යාය කොට ලාංකික හෙරණුන් උපසම්පදාව සිදුකරන ලද්දේ අමරපුරයෙහි වූ ස්වර්ණගුහා නම් සීමාමාළකයෙහිය. එහෙයින් එකල ලංකාව හා අමරපුරය අතර ආගමික සම්බන්ධයක් ද ඇති විය. ඒ භික්ෂු පරපුර අමරපුරයෙහි උපසම්පදාව ලැබීම නිමිති කොටගෙන අමරපුර නිකාය (බ.) යන නාමයෙන් ප්‍රකට විය.
තෞංගතමන් විලට උතුරුදිගින් පිහිටා තිබුණු පැරණි අමරපුර නගරයේ නෂ්ටාවශේෂ අද වුව ද දැක්ක හැකිය. මෙහි ගොඩනඟා තුබූ බුරුම රජවරුන්ගේ මාළිගයේ නටබුන් නගරයේ මැද කොටසේ වෙයි. බෞද්ධ ස්තූප රාශියක නටබුන් ද නගරය අවට ඇත. පතෝදව්ග්යි, ෂින්බින් කුග්යි, චෞ උක් නව්ග්යි හා චාන්තවච්ග්යි යන ස්තූප මේවා අතරින් ප්‍රධානය. (බුරුම ඉතිහාසය ද බ.)
(සංස්කරණය:1963)