ඇටලැන්ටා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රීක මිථ්‍යාකථාවන්හි එන වීරවරියකි. ඉතා වේගයෙන් දිවිය හැකි ප්‍රසිද්ධ දඩයක්කාරියක වූ මැය විවාහ වීමට අදහස් කොට සිටියේ තමා හා තරඟයට ධාවනය කොට ජයගන්නා තැනැත්තා සමඟය. මේ තරඟයට ඉදිරිපත් වූ හිපොමිනීස්, ඇෆ්‍රොඩයිටී (බ.) දෙව්දුව විසින් දෙන ලද රන් ඇපල් ගෙඩි තුනේ අනුහසෙන් ජය ගත්තේය. ඇටලැන්ටා තරඟයෙන් පැරදුණේ ඇය ඉදිරියෙහි හෙළන ලද ඇපල් ගෙඩි ඇහිඳගැනීම සඳහා නතර වීමෙනි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇටලැන්ටා&oldid=8036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි