එඩ්වඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙනමින් එංගලන්තයේ සිටි රජවරුන්ගේ ගණන 11කි. මොවුන්ගෙන් තිදෙනෙක් නෝමන් ආධිපත්‍යයට කලින් විසූ ඉංග්‍රීසි රජවරුය. ඔවුනතුරෙන් ක්‍රි.ව. 924 දී මියගිය එඩ්වඩ් රජ මහා ඇල්ප්‍රඩ් (බ.) රජුගේ පුත්‍රයාය. ක්‍රි.ව. 963-978 කාලයේ ජීවත් වූ ‘ප්‍රාණත්‍යාගී එඩ්වඩ්’ රජ (Edward the Martyr) ඔහුගේ සුළු මව විසින් ජිවිතක්ෂයට පමුණුවන ලදි. 1003-1066 කාලයේ විසූ එඩ්වඩ් ගැන එඩ්වඩ් ද කොන්ෆෙසර් බලන්න.

නෝමන් ආධිපත්‍යයෙන් පසු එඩ්වඩ් නමින් රජවරු 8 දෙනෙක් එංගලන්තයේ රජ වූහ. (එඩ්වඩ් I, III, VI, VII, VIII ගැන වෙන් වෙන් වශයෙන් ලිපි පළ වේ.)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඩ්වඩ්&oldid=11009" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි