ජේම්ස් පීටර් උබේසේකර
සිංහල විශ්වකෝෂය වෙතින්
15:12, 16 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(1846-1881). මෙරට ප්‍රථම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සිංහලයන් වෙනුවෙන් වූ අසුන කලක් හෙබවූ මන්ත්‍රීවරයෙකි. ගාල්ලේ තල්පේ පත්තුව කරවූ ඩී.බී.ඇෆ්. උබේසේකර මුදලිතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.
1864 දී කල්කටා බී.ඒ. විභාගයෙන් සමත් වූ මෙතෙම එවක දුර්ලභ වූත් ඉතා අගේ කොට සලකන ලද්දා වූත් උපාධියක හිමිකරු විය. අනතුරුව නීතිඥ විභාගයෙන් ද සමත් වූ ඔහු කලක් කොළඹ උසාවියේත් පසුව පස්යාලේ උසාවියේත් නීතිඥ වෘත්තියේ යෙදී සිටියේය. 1878 දී මන්ත්‍රණසභාවේ සිංහල මන්ත්‍රී හැටියට තෝරාගනු ලැබූ මෙතෙම 1881 දී හදිසි මරණයකට ගොදුරු විය.
ඩොනල්ඩ් උබේසේකර (බ.) මහතා මොහුගේ පුත්‍රයෙකි. සොලමන් සොලමන් ක්‍රිස්ටොෆල් උබේසේකර (බ.) මහතා සොහොයුරෙකි.
(සංස්කරණය: 1970)