එඩ්වඩ්
සිංහල විශ්වකෝෂය වෙතින්
15:45, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙනමින් එංගලන්තයේ සිටි රජවරුන්ගේ ගණන 11කි. මොව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
මෙනමින් එංගලන්තයේ සිටි රජවරුන්ගේ ගණන 11කි. මොවුන්ගෙන් තිදෙනෙක් නෝමන් ආධිපත්‍යයට කලින් විසූ ඉංග්‍රීසි රජවරුය. ඔවුනතුරෙන් ක්‍රි.ව. 924 දී මියගිය එඩ්වඩ් රජ මහා ඇල්ප්‍රඩ් (බ.) රජුගේ පුත්‍රයාය. ක්‍රි.ව. 963-978 කාලයේ ජීවත් වූ ‘ප්‍රාණත්‍යාගී එඩ්වඩ්’ රජ (Edward the Martyr) ඔහුගේ සුළු මව විසින් ජිවිතක්ෂයට පමුණුවන ලදි. 1003-1066 කාලයේ විසූ එඩ්වඩ් ගැන එඩ්වඩ් ද කොන්ෆෙසර් බලන්න.
නෝමන් ආධිපත්‍යයෙන් පසු එඩ්වඩ් නමින් රජවරු 8 දෙනෙක් එංගලන්තයේ රජ වූහ. (එඩ්වඩ් I, III, VI, VII, VIII ගැන වෙන් වෙන් වශයෙන් ලිපි පළ වේ.)
(සංස්කරණය: 1974)