ඇටලැන්ටා
සිංහල විශ්වකෝෂය වෙතින්
15:48, 7 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රීක මිථ්‍යාකථාවන්හි එන වීරවරියකි. ඉතා වේග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ග්‍රීක මිථ්‍යාකථාවන්හි එන වීරවරියකි. ඉතා වේගයෙන් දිවිය හැකි ප්‍රසිද්ධ දඩයක්කාරියක වූ මැය විවාහ වීමට අදහස් කොට සිටියේ තමා හා තරඟයට ධාවනය කොට ජයගන්නා තැනැත්තා සමඟය. මේ තරඟයට ඉදිරිපත් වූ හිපොමිනීස්, ඇෆ්‍රොඩයිටී (බ.) දෙව්දුව විසින් දෙන ලද රන් ඇපල් ගෙඩි තුනේ අනුහසෙන් ජය ගත්තේය. ඇටලැන්ටා තරඟයෙන් පැරදුණේ ඇය ඉදිරියෙහි හෙළන ලද ඇපල් ගෙඩි ඇහිඳගැනීම සඳහා නතර වීමෙනි.
(සංස්කරණය: 1967)