"අං-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
16 පේළිය: 16 පේළිය:
  
දෙවැනි ක්‍රමයේ අං ඇතිවූයේ කෙරටින් නිසා හම්වැස්ම කොරොස් වීමෙන්ය. මෙබඳු අඟක කෙරටින් තට්ටුව හැර සෙසු සියල්ල සප්‍රාණ හෙයින් ඊට නොහැළී නොකැඩී වැඩෙන්නට හැකි විය. එයින් අතු ඇදීමක්, බෙදීමක් සිදුවිය නොහැකිය. ගව වර්ගයේ සතුන්ට ඇත්තේ මේ ක්‍රමයේ අං ය.
 
 +
[[ගොනුව:4.jpg|400px|right]]
 +
මේ දෙවන ක්‍රමයෙන් ම විකසනය වී ගිය ක්‍රමයකි, අන්ටිලොකප්‍රිඩේ (Antilocapridae) කුලයට ඇත්තේ. අතු බෙදී යෑමෙන් පසුත් නොනැවතී අං ලියලන්නේ කොරොස් වූ පිටවැස්ම පමණක් අවුරුදු පතා හැළීයාමෙනි.
  
ක්ෂීරපායි සතුන් හැර, අනික් සමහර සතුන්ගේ මස්තකයන්හි අං වැනි නෙරා සිටින අවයව තිබේ. එබඳු අවයවයක් සහිත අං-කටුස්සා (Ceratophora stopdarti) ලංකාවේ නුවරඑළිය ප්‍රදේශයේ සිටියි. නැගෙනහිර අප්‍රිකාවේ ජීවත් වන බොහොඬ විශේෂයකට ද අඟක් වැනි අවයවයක් තිබේ. අඟක් වැනි අවයවයක් සහිත තවත් සතෙක් [[අංගෙම්බා]] (බ.) (Phrynosoma) යන නමින් හැඳින්වේ. මූ ගෙම්බෙක් නොව උරගයෙකි (reptile). දැන් නෂ්ට වී ඇතත් ඈත අතීතයේ දී ජීවත්වුණ ට්‍රයිකෙරටොප්ස් වැනි උරගයන් කීප දෙනෙකුටත් අං වැනි අවයව තිබුණි.
 
11:19, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

ඇතැම් සතුන්ගේ ශීර්‍ෂ කපාලයෙහි උල්ව පිහිටා ඇති අස්ථිමය අවයව අං නමින් හඳුන්වනු ලැබෙයි. ගව මහිෂාදි සතුන්ගේ අඟ නොබෙදී පිහිටා ඇති අතර ගෝණ, මුව ආදී සතුන්ගේ අංවල දළු තිබෙයි. මේ දළු බෙදුණු අංවලට දෙබල අං යයි ද ව්‍යවහාරයි. අවුරුද්දට වරක් හැළී නැවත ලියලීම දෙබල අංවල විශේෂ ලක්ෂණයකි. දෙබල අඟ සපුරා වැඩුණ කල හුදෙක් අස්ථිමය වෙතත් වැඩෙන අවධියේ දී ඒවා හමින් වැසී තිබේ. පසුව ඒ හම ගැළවී යයි. හරකුන් වැනි සතුන්ගේ සාමාන්‍ය අඟක ඇති රෑන් ද (අස්ථිමයමදය) වසාගෙන අං පිහිටා ඇත. මේවා අවුරුදු පතා හැළෙන්නේ නැත. මේ අං වැස්ම සෑදී තිබෙන්නේ කෙරටින් නම් ද්‍රව්‍යයෙනි.

2.jpg

මිනිසාගේ සහ අනික් සතුන්ගේ නියපොතු ද සිවුපාවුන්ගේ කුර ද කුරුල්ලන්ගේ හොට ද ඉබි ආදී සතුන්ගේ කබොලු ද සර්පයන්ගේ කොර පොතු ද කෙරටින්වලින් ම සෑදී තිබේ.

3.jpg

A-මුව අඟක සිරස්කඩක් 1. විල්ලූදයෙන් වැසුණාක් බඳු ළා මුව අඟක් 2. හැළෙන්නට ළං වූ මේරූ මුව අං ඉහක් 3. හැළීයන මුව අං තට්ටුවක්

B-අන්ටිලෝකප්රා මුව අඟක සිරස්කඩක් 1. කොරොස් වැස්ම 2. අං දැත්ත 3. අස්ථිමය මදය

මෙකල ජීවත්වන ක්ෂීරපායීන් අතුරෙන් ආටියොඩක්ටිලා (බ.) ගෝත්‍රයේ සතුන්ට පමණක් අං හටගනී. ගව, එළු, බැටළු, කුරංග ආදි වර්ගයේ සතුන්ට නොබෙදුණ අං ද ගෝන, මුව ආදි වර්ගයේ සතුන්ට දෙබල අං ද ඇත. ජිරාfපයාගේ අං යුවළ නෙරා ගිය කෙටි ඇට කැබැලි දෙකකි. ඒවා හමින් වැසී ඇත. ඔකාපියාගේ (okapi) අං ද මීට සමාන වෙතත් ඒ අංවල අග දෙකොන හමින් වැසී නැත. කඟවේණා (rhinoceros) අං අන්‍ය සතුන්ගේ අං මෙන් නොවේ. ඒවා සම්පූර්ණයෙන් ම අපිචර්මීය (epidermal) ය. රැන් ද නැත. ඒවා නැඟී තිබෙන්නේ කොරොස් වූ (hornifled) චර්මීය පිටිකාවලින් (papillae)ය.

ආටියොඩක්ටිලා ගෝත්‍රයේ සතුන්ගේ අං මුලින් ඇතිවූයේ ජිරාfපයන්ගේ අං ඇතිවුණාක් මෙන් හමින් වැසුණු නෙරිලි වශයෙන් විය හැකිය. එම නෙරිවලින් සතුන්ගේ අං වැඩී දෙයාකාරයකින් පරිණාමය වී ගිය බව පෙනෙයි. එකකින් සිදුවූයේ අඟ වැඩෙන විට ක්‍රමයෙන් සම්වැස්ම නැතිවී යෑමයි. අ‍‍ඟේ වැඩීම පිණිස අවුරුදු පතා අං හැළී යෑමේ පරිණාම විධිය අනුව අංදළු සහිත වර්තමාන මුව පරම්පරාව ඇතිවිය.‍

දෙවැනි ක්‍රමයේ අං ඇතිවූයේ කෙරටින් නිසා හම්වැස්ම කොරොස් වීමෙන්ය. මෙබඳු අඟක කෙරටින් තට්ටුව හැර සෙසු සියල්ල සප්‍රාණ හෙයින් ඊට නොහැළී නොකැඩී වැඩෙන්නට හැකි විය. එයින් අතු ඇදීමක්, බෙදීමක් සිදුවිය නොහැකිය. ගව වර්ගයේ සතුන්ට ඇත්තේ මේ ක්‍රමයේ අං ය.

4.jpg

මේ දෙවන ක්‍රමයෙන් ම විකසනය වී ගිය ක්‍රමයකි, අන්ටිලොකප්‍රිඩේ (Antilocapridae) කුලයට ඇත්තේ. අතු බෙදී යෑමෙන් පසුත් නොනැවතී අං ලියලන්නේ කොරොස් වූ පිටවැස්ම පමණක් අවුරුදු පතා හැළීයාමෙනි.

ක්ෂීරපායි සතුන් හැර, අනික් සමහර සතුන්ගේ මස්තකයන්හි අං වැනි නෙරා සිටින අවයව තිබේ. එබඳු අවයවයක් සහිත අං-කටුස්සා (Ceratophora stopdarti) ලංකාවේ නුවරඑළිය ප්‍රදේශයේ සිටියි. නැගෙනහිර අප්‍රිකාවේ ජීවත් වන බොහොඬ විශේෂයකට ද අඟක් වැනි අවයවයක් තිබේ. අඟක් වැනි අවයවයක් සහිත තවත් සතෙක් අංගෙම්බා (බ.) (Phrynosoma) යන නමින් හැඳින්වේ. මූ ගෙම්බෙක් නොව උරගයෙකි (reptile). දැන් නෂ්ට වී ඇතත් ඈත අතීතයේ දී ජීවත්වුණ ට්‍රයිකෙරටොප්ස් වැනි උරගයන් කීප දෙනෙකුටත් අං වැනි අවයව තිබුණි.

ඈත අතීතයේ සිට ම සතුන්ගේ අංවලින් නොයෙක් ප්‍රයෝජන ගනු ලැබෙයි. මී, ගව, ගෝණ, මුව ආදි සතුන්ගේ අං ගෙවල් සැරසීම, පිහියා මිටි තැනීම ආදිය සඳහා ගනු ලැබේ. ගව, එළු, බැටළු, කුරංග ආදි සතුන්ගේ අං ඉතා තුනී පතුරුවලට කැපිය හැකිය. ලන්තෑරුම්, ජනෙල් ආදියට මේ අං පතුරු ගනු ලැබෙයි. පණා, බේත්හෙප්පු ආදිය ද අංවලින් තනනු ලැබෙයි. තම්බා තද කිරීමෙන් අං පතුරු දෙකක දාර එකට පාස්සන්නට ද පුළුවන.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අං-2&oldid=3522" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි