"ඊශ්වරවාදය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('විශ්වයේ ආරම්භය කෙසේ වී දැයි යනු ඈත අතීතයේ සිට...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
විශ්වයේ ආරම්භය කෙසේ වී දැයි යනු ඈත අතීතයේ සිට ම මිනිසාගේ අවධානය යොමු වූ ප්‍රශ්න අතුරෙන් ඉතා වැදගත් එකකි. එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී ඇතැම් ආගමික සම්ප්රදායයන් මගින් නොයෙක් අන්දමේ දේව විශ්වාස ඉදිරිපත් කරන ලදි. ඊශ්වරවාදය එයින් ඉතා ප්‍රකට එකකි. ලෝකයේ මැවුම්කරු වූ, ලෝකයෙන් බාහිරව සිටින්නාවූ, ලෝකප්රවර්තනයෙහි දිගට ම නිරත වූ, පෞරුෂයකින් යුක්ත වූ, පූජනීය වූ දෙවියකු පිළිබඳ විශ්වාසය ඊශ්වරවාදය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ. | විශ්වයේ ආරම්භය කෙසේ වී දැයි යනු ඈත අතීතයේ සිට ම මිනිසාගේ අවධානය යොමු වූ ප්‍රශ්න අතුරෙන් ඉතා වැදගත් එකකි. එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී ඇතැම් ආගමික සම්ප්රදායයන් මගින් නොයෙක් අන්දමේ දේව විශ්වාස ඉදිරිපත් කරන ලදි. ඊශ්වරවාදය එයින් ඉතා ප්‍රකට එකකි. ලෝකයේ මැවුම්කරු වූ, ලෝකයෙන් බාහිරව සිටින්නාවූ, ලෝකප්රවර්තනයෙහි දිගට ම නිරත වූ, පෞරුෂයකින් යුක්ත වූ, පූජනීය වූ දෙවියකු පිළිබඳ විශ්වාසය ඊශ්වරවාදය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ. | ||
| − | ලෝකනිර්මාතෘ දෙවියන්වහන්සේ සර්වඥ, සර්වබලධාරී, සර්වතෝභද්‍ර දෙවියකු ලෙස ක්‍රිස්තු භක්තිකයෝ හඳුන්වා දෙති. ආරම්භයේ දී විශ්වය මැවූ දෙවියන්වහන්සේ සමහර අවස්ථාවල දී ප්‍රාතිහාර්‍ය්‍යයන් පාමින් ද, තවත් විටෙක මිනිසා විසින් කරනු ලබන යාච්ඤාවන්ට සවන් දෙමින් ද, ප්රත්යෙක පුද්ගලයන් ඉදිරියෙහි ප්රාදුර්භූත වන බවත් මිනිසා විසින් කරනු ලබන හොඳ නරක ක්‍රියාවන්හි වගකීමකින් යුතුව උත්සුක වන බවත් ඊශ්වරවාදය පිළිගන්නවුන්ගේ විශ්වාසය වේ. සංක්ෂේපයෙන් දක්වතහොත් ලෝකය මැවීම පමණක් නොව ලෝකප්රවර්තන ක්‍රියාවෙහි දිගට ම නිරත වීම ද ඊශ්වරයාගේ විශේෂ ලක්ෂණයකි. ක්‍රිස්තු භක්තිකයන් පිළිගත් මෙම මතය තහවුරු කිරීමට ප්රයත්න දැරූ දාර්ශනිකයන් අතර සාන්ත තෝමස් ඇක්වයිනාස් (බ.) ප්‍රධාන තැනක් ගනී. ඊශ්වරවාදය බටහිර ලෝකයෙහි පැතිර ගියේ ක්‍රිස්තියානි ධර්මය පිළිගැනීම හේතුකොටගෙනය. කතෝලික සභාවේ බලපෑම අනුව බටහිර ලෝකයේ ඊශ්වරවාදී චින්තනයන්ගේ විශිෂ්ට දියුණුවක් දක්නට ලැබෙන්නේ මධ්‍යතන යුගයේ දීය. | + | ලෝකනිර්මාතෘ දෙවියන්වහන්සේ සර්වඥ, සර්වබලධාරී, සර්වතෝභද්‍ර දෙවියකු ලෙස ක්‍රිස්තු භක්තිකයෝ හඳුන්වා දෙති. ආරම්භයේ දී විශ්වය මැවූ දෙවියන්වහන්සේ සමහර අවස්ථාවල දී ප්‍රාතිහාර්‍ය්‍යයන් පාමින් ද, තවත් විටෙක මිනිසා විසින් කරනු ලබන යාච්ඤාවන්ට සවන් දෙමින් ද, ප්රත්යෙක පුද්ගලයන් ඉදිරියෙහි ප්රාදුර්භූත වන බවත් මිනිසා විසින් කරනු ලබන හොඳ නරක ක්‍රියාවන්හි වගකීමකින් යුතුව උත්සුක වන බවත් ඊශ්වරවාදය පිළිගන්නවුන්ගේ විශ්වාසය වේ. සංක්ෂේපයෙන් දක්වතහොත් ලෝකය මැවීම පමණක් නොව ලෝකප්රවර්තන ක්‍රියාවෙහි දිගට ම නිරත වීම ද ඊශ්වරයාගේ විශේෂ ලක්ෂණයකි. ක්‍රිස්තු භක්තිකයන් පිළිගත් මෙම මතය තහවුරු කිරීමට ප්රයත්න දැරූ දාර්ශනිකයන් අතර සාන්ත [[තෝමස් ඇක්වයිනාස්]] (බ.) ප්‍රධාන තැනක් ගනී. ඊශ්වරවාදය බටහිර ලෝකයෙහි පැතිර ගියේ ක්‍රිස්තියානි ධර්මය පිළිගැනීම හේතුකොටගෙනය. කතෝලික සභාවේ බලපෑම අනුව බටහිර ලෝකයේ ඊශ්වරවාදී චින්තනයන්ගේ විශිෂ්ට දියුණුවක් දක්නට ලැබෙන්නේ මධ්‍යතන යුගයේ දීය. |
| + | |||
මෙසේ බටහිර ලෝකයෙහි ප්‍රචලිතව පැවැති පාරම්පරික දේවවිශ්වාසයට පටහැණිව ඉදිරිපත් කරන්නට යෙදුණු දේවවාදය (deism) ඊශ්වරවාදයේ ම ප්‍රභේදයක් ලෙස සැලකිය හැකිය. දේවවාදය අනුව ලෝක නිර්මාණයෙන් පසු ලෝක ප්‍රවර්තන ක්‍රියාවෙහි ඊශ්වරයාගේ වගකීමක් නොවන බවත් ලෝක ප්‍රවර්තනය ස්වභාවධර්මයට අනුව සිදු වන බවත් පිළිගැනේ. ඊශ්වරයාගේ කටයුතු වශයෙන් දැක්වෙන ප්‍රාතිහාර්‍ය්‍ය පෑම, මිනිසාගේ ආයාචනයන්ට සවන් දීම ආදි ක්‍රියාවන් ලෝක නිර්මාණ කටයුත්ත නියම අන්දමට නොකළ බව කියා පෑමක් නිසා එබඳු ක්‍රියාවන් ඊශ්වරයාගේ සර්වබලධාරිත්වයට කැළලක් වන බව දේවවාදීහු පෙන්වා දෙති. වොල්ටෙයාර් (Voltaire) නම් ප්රංස දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන ලද මෙම මතය යුරෝපයේ සහ ඇමරිකාවේ පාරම්පරික දේවවිශ්වාසයට විරුද්ධව 17 වන 18 වන ශතවර්ෂයන්හි දී ඇති වූ ප්‍රබල විප්ලවයකි. | මෙසේ බටහිර ලෝකයෙහි ප්‍රචලිතව පැවැති පාරම්පරික දේවවිශ්වාසයට පටහැණිව ඉදිරිපත් කරන්නට යෙදුණු දේවවාදය (deism) ඊශ්වරවාදයේ ම ප්‍රභේදයක් ලෙස සැලකිය හැකිය. දේවවාදය අනුව ලෝක නිර්මාණයෙන් පසු ලෝක ප්‍රවර්තන ක්‍රියාවෙහි ඊශ්වරයාගේ වගකීමක් නොවන බවත් ලෝක ප්‍රවර්තනය ස්වභාවධර්මයට අනුව සිදු වන බවත් පිළිගැනේ. ඊශ්වරයාගේ කටයුතු වශයෙන් දැක්වෙන ප්‍රාතිහාර්‍ය්‍ය පෑම, මිනිසාගේ ආයාචනයන්ට සවන් දීම ආදි ක්‍රියාවන් ලෝක නිර්මාණ කටයුත්ත නියම අන්දමට නොකළ බව කියා පෑමක් නිසා එබඳු ක්‍රියාවන් ඊශ්වරයාගේ සර්වබලධාරිත්වයට කැළලක් වන බව දේවවාදීහු පෙන්වා දෙති. වොල්ටෙයාර් (Voltaire) නම් ප්රංස දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන ලද මෙම මතය යුරෝපයේ සහ ඇමරිකාවේ පාරම්පරික දේවවිශ්වාසයට විරුද්ධව 17 වන 18 වන ශතවර්ෂයන්හි දී ඇති වූ ප්‍රබල විප්ලවයකි. | ||
| − | නූතන විද්‍යාවේ පිටුබලය ඇතිව පහළ වූ භෞතික වාදය, ඉන්ද්‍රියානුභූතිවාදය, පරිණාමවාදය ආදි දර්ශනයන් බටහිර ලෝකයෙහි ප්‍රචලිත වීම ඊශ්වරවාදයේ පසු බැස්මට හේතු විය (අනීශ්වරවාදය බ.). ඊශ්වරවාදයට පටහැණිව අදහස් ප්‍රකාශ කළ නූතන දාර්ශනිකයන්ගෙන් වැඩි දෙනෙක් ම එය පාර භෞතික හෙවත් ආධ්‍යාත්මික (metaphysical) සංකල්පයක් මිස දාර්ශනික මතයක් නොවන බව පෙන්වා දීමට නොයෙක් අන්දමේ තර්ක ඉදිරිපත් කරති. | + | නූතන විද්‍යාවේ පිටුබලය ඇතිව පහළ වූ භෞතික වාදය, ඉන්ද්‍රියානුභූතිවාදය, පරිණාමවාදය ආදි දර්ශනයන් බටහිර ලෝකයෙහි ප්‍රචලිත වීම ඊශ්වරවාදයේ පසු බැස්මට හේතු විය ([[අනීශ්වරවාදය]] බ.). ඊශ්වරවාදයට පටහැණිව අදහස් ප්‍රකාශ කළ නූතන දාර්ශනිකයන්ගෙන් වැඩි දෙනෙක් ම එය පාර භෞතික හෙවත් ආධ්‍යාත්මික (metaphysical) සංකල්පයක් මිස දාර්ශනික මතයක් නොවන බව පෙන්වා දීමට නොයෙක් අන්දමේ තර්ක ඉදිරිපත් කරති. |
ඍග්වේදයෙහි විස්තර වන දේවවිශ්වාසයන් අතර ඊශ්වරවාදය නැතහොත් පෞරුෂයෙකින් යුත් ලෝකනිර්මාපක දෙවියකු පිළිබඳ විශ්වාසය පළමුවරට ඉදිරිපත් කොට ඇත්තේ විශ්වකර්මන් දෙවියාට ආයාචනා කරමින් රචිත සූක්තයන්හිය (ඍග්වේදය X.82). ඊට පසුව එන බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි ඊශ්වරවාදී චින්තනයන් ප්‍රජාපති දෙවියා වටා ගෙතුණු බව පෙනේ. ප්‍රජාපති දෙවියාත් විශ්වකර්මන් දෙවියාත් එකම දෙවියකු බව තෛත්තිරීය බ්රාහ්මණයෙහි (3.7.9.7) සඳහන් වේ. ශතපථ බ්රාහ්මණයෙහි (1.6.3.35) එන පුවතක් අනුව ප්‍රජාපති දෙවියා ලෝකය මැවීමෙන් පසු වෙහෙසට පත් වූ නමුත් ඔහුගේ ප්‍රජාවන් වූ අනිකුත් දෙවිවරුන් විසින් කරන ලද යාගයන්ගේ බල මහිමයෙන් සුවය ලැබ ලෝක ප්‍රවර්තන කටයුත්තෙහි නැවත නැවතත් නිරත වූ බව දැක්වේ. බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි එන ඊශ්වරවාදය බෙහෙවින් ම යාගහෝමාදිය සම්බන්ධ ආගමික චින්තනයන් සමග එක් වූ නමුත් එක් අවස්ථාවක දී පමණක් එබඳු චින්තනයන්ගෙන් තොරව ඉදිරිපත් කරන ලද ඊශ්වරවාදයක් දැක්ක හැකිය. ප්‍රජාපති දෙවියා පමණක් ආරම්භයේ දී සිටි බවත් ඔහු විසින් තපස් බලයෙන් ලෝකය නිර්මාණය කළ බවත් එහි සදහන් වේ (ශතපථ බ්‍රාහ්මණය 2.5.1.1). සමහර අවස්ථාවල දී ලෝක නිර්මාණය බ්‍රහ්මන්ගේ කටයුත්තක් වශයෙන් ද දැක්වේ. මෙසේ ලෝක නිර්මාණය විශේෂයක් නොමැතිව විශ්වකර්මන්, ප්‍රජාපති, බ්‍රහ්මන් ආදි දෙවිවරුන් වෙත පවරන්නට යෙදුණේ මෙය ඊශ්වරවාදී චින්තනයන් වර්ධනය වෙමින් පැවති අවස්ථාවක් පිළිබිඹු කරන හෙයිනි. | ඍග්වේදයෙහි විස්තර වන දේවවිශ්වාසයන් අතර ඊශ්වරවාදය නැතහොත් පෞරුෂයෙකින් යුත් ලෝකනිර්මාපක දෙවියකු පිළිබඳ විශ්වාසය පළමුවරට ඉදිරිපත් කොට ඇත්තේ විශ්වකර්මන් දෙවියාට ආයාචනා කරමින් රචිත සූක්තයන්හිය (ඍග්වේදය X.82). ඊට පසුව එන බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි ඊශ්වරවාදී චින්තනයන් ප්‍රජාපති දෙවියා වටා ගෙතුණු බව පෙනේ. ප්‍රජාපති දෙවියාත් විශ්වකර්මන් දෙවියාත් එකම දෙවියකු බව තෛත්තිරීය බ්රාහ්මණයෙහි (3.7.9.7) සඳහන් වේ. ශතපථ බ්රාහ්මණයෙහි (1.6.3.35) එන පුවතක් අනුව ප්‍රජාපති දෙවියා ලෝකය මැවීමෙන් පසු වෙහෙසට පත් වූ නමුත් ඔහුගේ ප්‍රජාවන් වූ අනිකුත් දෙවිවරුන් විසින් කරන ලද යාගයන්ගේ බල මහිමයෙන් සුවය ලැබ ලෝක ප්‍රවර්තන කටයුත්තෙහි නැවත නැවතත් නිරත වූ බව දැක්වේ. බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි එන ඊශ්වරවාදය බෙහෙවින් ම යාගහෝමාදිය සම්බන්ධ ආගමික චින්තනයන් සමග එක් වූ නමුත් එක් අවස්ථාවක දී පමණක් එබඳු චින්තනයන්ගෙන් තොරව ඉදිරිපත් කරන ලද ඊශ්වරවාදයක් දැක්ක හැකිය. ප්‍රජාපති දෙවියා පමණක් ආරම්භයේ දී සිටි බවත් ඔහු විසින් තපස් බලයෙන් ලෝකය නිර්මාණය කළ බවත් එහි සදහන් වේ (ශතපථ බ්‍රාහ්මණය 2.5.1.1). සමහර අවස්ථාවල දී ලෝක නිර්මාණය බ්‍රහ්මන්ගේ කටයුත්තක් වශයෙන් ද දැක්වේ. මෙසේ ලෝක නිර්මාණය විශේෂයක් නොමැතිව විශ්වකර්මන්, ප්‍රජාපති, බ්‍රහ්මන් ආදි දෙවිවරුන් වෙත පවරන්නට යෙදුණේ මෙය ඊශ්වරවාදී චින්තනයන් වර්ධනය වෙමින් පැවති අවස්ථාවක් පිළිබිඹු කරන හෙයිනි. | ||
| 54 පේළිය: | 55 පේළිය: | ||
ඊශ්වර වාදය පිළිගත් අය ලෝක ජනගහනයෙන් විශාල කොටසකි. මෙපමණ විශාල සංඛ්‍යාවක් ඊශ්වරයා පිළිබඳ විශ්වාසය පිළිගන්නේ යම්කිසි වැදගත් හේතුවක් නිසා විය යුතුයි. සහජාසයානුගත අපේක්ෂාවන් සහ අවශ්‍යතාවන් හේතුකොටගෙන මෙබඳු විශ්වාස මිනිසා විසින් පිළිගනු ලබන්නේ යයි තර්ක කරන අය මේ නිසා ම ඊශ්වරවාදය සත්‍ය ධර්මයක් විය යුතු යයි පෙන්වා දෙති. | ඊශ්වර වාදය පිළිගත් අය ලෝක ජනගහනයෙන් විශාල කොටසකි. මෙපමණ විශාල සංඛ්‍යාවක් ඊශ්වරයා පිළිබඳ විශ්වාසය පිළිගන්නේ යම්කිසි වැදගත් හේතුවක් නිසා විය යුතුයි. සහජාසයානුගත අපේක්ෂාවන් සහ අවශ්‍යතාවන් හේතුකොටගෙන මෙබඳු විශ්වාස මිනිසා විසින් පිළිගනු ලබන්නේ යයි තර්ක කරන අය මේ නිසා ම ඊශ්වරවාදය සත්‍ය ධර්මයක් විය යුතු යයි පෙන්වා දෙති. | ||
| − | ([[ආගම]], [[ඇක්වයිනාස්]], [[උදයන]], [[උද්‍යෝතකර]], [[කාන්ට්]], [[ප්‍රජාපති]], [[පරමේශ්වර]], [[හ්යුම්]] යන ලිපි ද බලන්න.) | + | ([[ආගම]], [[තෝමස් ඇක්වයිනාස්]], [[උදයන]], [[උද්‍යෝතකර]], [[කාන්ට්]], [[ප්‍රජාපති]], [[පරමේශ්වර]], [[හ්යුම්]] යන ලිපි ද බලන්න.) |
(කර්තෘ: [[ඩී.ජේ. කළුපහන]]) | (කර්තෘ: [[ඩී.ජේ. කළුපහන]]) | ||
14:44, 23 ජූනි 2025 වන විට නවතම සංශෝධනය
විශ්වයේ ආරම්භය කෙසේ වී දැයි යනු ඈත අතීතයේ සිට ම මිනිසාගේ අවධානය යොමු වූ ප්‍රශ්න අතුරෙන් ඉතා වැදගත් එකකි. එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී ඇතැම් ආගමික සම්ප්රදායයන් මගින් නොයෙක් අන්දමේ දේව විශ්වාස ඉදිරිපත් කරන ලදි. ඊශ්වරවාදය එයින් ඉතා ප්‍රකට එකකි. ලෝකයේ මැවුම්කරු වූ, ලෝකයෙන් බාහිරව සිටින්නාවූ, ලෝකප්රවර්තනයෙහි දිගට ම නිරත වූ, පෞරුෂයකින් යුක්ත වූ, පූජනීය වූ දෙවියකු පිළිබඳ විශ්වාසය ඊශ්වරවාදය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.
ලෝකනිර්මාතෘ දෙවියන්වහන්සේ සර්වඥ, සර්වබලධාරී, සර්වතෝභද්‍ර දෙවියකු ලෙස ක්‍රිස්තු භක්තිකයෝ හඳුන්වා දෙති. ආරම්භයේ දී විශ්වය මැවූ දෙවියන්වහන්සේ සමහර අවස්ථාවල දී ප්‍රාතිහාර්‍ය්‍යයන් පාමින් ද, තවත් විටෙක මිනිසා විසින් කරනු ලබන යාච්ඤාවන්ට සවන් දෙමින් ද, ප්රත්යෙක පුද්ගලයන් ඉදිරියෙහි ප්රාදුර්භූත වන බවත් මිනිසා විසින් කරනු ලබන හොඳ නරක ක්‍රියාවන්හි වගකීමකින් යුතුව උත්සුක වන බවත් ඊශ්වරවාදය පිළිගන්නවුන්ගේ විශ්වාසය වේ. සංක්ෂේපයෙන් දක්වතහොත් ලෝකය මැවීම පමණක් නොව ලෝකප්රවර්තන ක්‍රියාවෙහි දිගට ම නිරත වීම ද ඊශ්වරයාගේ විශේෂ ලක්ෂණයකි. ක්‍රිස්තු භක්තිකයන් පිළිගත් මෙම මතය තහවුරු කිරීමට ප්රයත්න දැරූ දාර්ශනිකයන් අතර සාන්ත තෝමස් ඇක්වයිනාස් (බ.) ප්‍රධාන තැනක් ගනී. ඊශ්වරවාදය බටහිර ලෝකයෙහි පැතිර ගියේ ක්‍රිස්තියානි ධර්මය පිළිගැනීම හේතුකොටගෙනය. කතෝලික සභාවේ බලපෑම අනුව බටහිර ලෝකයේ ඊශ්වරවාදී චින්තනයන්ගේ විශිෂ්ට දියුණුවක් දක්නට ලැබෙන්නේ මධ්‍යතන යුගයේ දීය.
මෙසේ බටහිර ලෝකයෙහි ප්‍රචලිතව පැවැති පාරම්පරික දේවවිශ්වාසයට පටහැණිව ඉදිරිපත් කරන්නට යෙදුණු දේවවාදය (deism) ඊශ්වරවාදයේ ම ප්‍රභේදයක් ලෙස සැලකිය හැකිය. දේවවාදය අනුව ලෝක නිර්මාණයෙන් පසු ලෝක ප්‍රවර්තන ක්‍රියාවෙහි ඊශ්වරයාගේ වගකීමක් නොවන බවත් ලෝක ප්‍රවර්තනය ස්වභාවධර්මයට අනුව සිදු වන බවත් පිළිගැනේ. ඊශ්වරයාගේ කටයුතු වශයෙන් දැක්වෙන ප්‍රාතිහාර්‍ය්‍ය පෑම, මිනිසාගේ ආයාචනයන්ට සවන් දීම ආදි ක්‍රියාවන් ලෝක නිර්මාණ කටයුත්ත නියම අන්දමට නොකළ බව කියා පෑමක් නිසා එබඳු ක්‍රියාවන් ඊශ්වරයාගේ සර්වබලධාරිත්වයට කැළලක් වන බව දේවවාදීහු පෙන්වා දෙති. වොල්ටෙයාර් (Voltaire) නම් ප්රංස දාර්ශනිකයා විසින් ඉදිරිපත් කරන ලද මෙම මතය යුරෝපයේ සහ ඇමරිකාවේ පාරම්පරික දේවවිශ්වාසයට විරුද්ධව 17 වන 18 වන ශතවර්ෂයන්හි දී ඇති වූ ප්‍රබල විප්ලවයකි.
නූතන විද්‍යාවේ පිටුබලය ඇතිව පහළ වූ භෞතික වාදය, ඉන්ද්‍රියානුභූතිවාදය, පරිණාමවාදය ආදි දර්ශනයන් බටහිර ලෝකයෙහි ප්‍රචලිත වීම ඊශ්වරවාදයේ පසු බැස්මට හේතු විය (අනීශ්වරවාදය බ.). ඊශ්වරවාදයට පටහැණිව අදහස් ප්‍රකාශ කළ නූතන දාර්ශනිකයන්ගෙන් වැඩි දෙනෙක් ම එය පාර භෞතික හෙවත් ආධ්‍යාත්මික (metaphysical) සංකල්පයක් මිස දාර්ශනික මතයක් නොවන බව පෙන්වා දීමට නොයෙක් අන්දමේ තර්ක ඉදිරිපත් කරති.
ඍග්වේදයෙහි විස්තර වන දේවවිශ්වාසයන් අතර ඊශ්වරවාදය නැතහොත් පෞරුෂයෙකින් යුත් ලෝකනිර්මාපක දෙවියකු පිළිබඳ විශ්වාසය පළමුවරට ඉදිරිපත් කොට ඇත්තේ විශ්වකර්මන් දෙවියාට ආයාචනා කරමින් රචිත සූක්තයන්හිය (ඍග්වේදය X.82). ඊට පසුව එන බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි ඊශ්වරවාදී චින්තනයන් ප්‍රජාපති දෙවියා වටා ගෙතුණු බව පෙනේ. ප්‍රජාපති දෙවියාත් විශ්වකර්මන් දෙවියාත් එකම දෙවියකු බව තෛත්තිරීය බ්රාහ්මණයෙහි (3.7.9.7) සඳහන් වේ. ශතපථ බ්රාහ්මණයෙහි (1.6.3.35) එන පුවතක් අනුව ප්‍රජාපති දෙවියා ලෝකය මැවීමෙන් පසු වෙහෙසට පත් වූ නමුත් ඔහුගේ ප්‍රජාවන් වූ අනිකුත් දෙවිවරුන් විසින් කරන ලද යාගයන්ගේ බල මහිමයෙන් සුවය ලැබ ලෝක ප්‍රවර්තන කටයුත්තෙහි නැවත නැවතත් නිරත වූ බව දැක්වේ. බ්‍රාහ්මණ සාහිත්‍යයෙහි එන ඊශ්වරවාදය බෙහෙවින් ම යාගහෝමාදිය සම්බන්ධ ආගමික චින්තනයන් සමග එක් වූ නමුත් එක් අවස්ථාවක දී පමණක් එබඳු චින්තනයන්ගෙන් තොරව ඉදිරිපත් කරන ලද ඊශ්වරවාදයක් දැක්ක හැකිය. ප්‍රජාපති දෙවියා පමණක් ආරම්භයේ දී සිටි බවත් ඔහු විසින් තපස් බලයෙන් ලෝකය නිර්මාණය කළ බවත් එහි සදහන් වේ (ශතපථ බ්‍රාහ්මණය 2.5.1.1). සමහර අවස්ථාවල දී ලෝක නිර්මාණය බ්‍රහ්මන්ගේ කටයුත්තක් වශයෙන් ද දැක්වේ. මෙසේ ලෝක නිර්මාණය විශේෂයක් නොමැතිව විශ්වකර්මන්, ප්‍රජාපති, බ්‍රහ්මන් ආදි දෙවිවරුන් වෙත පවරන්නට යෙදුණේ මෙය ඊශ්වරවාදී චින්තනයන් වර්ධනය වෙමින් පැවති අවස්ථාවක් පිළිබිඹු කරන හෙයිනි.
මෙම චින්තන උපනිෂද් කාලයේ දී පවා අඛණ්ඩව පැවැතිණ. මුණ්ඩක උපනිෂදයේ (1.1) දැක්වෙන පරිදි දෙවියන් අතුරින් පළමුව පහළ වූ විශ්වකර්තෘ, භුවනගෝප්තෘ දෙවියා බ්‍රහ්මන් වෙයි (බ්රහ්මා දෙවානාං ප්‍රථමඃ සම්බභූව, විශ්වස්‍ය කර්තෘ, භුවනස්‍ය ගොප්තා). එහෙත් ‘ඊශ්වර’ යන පදය ලෝක නිර්මාතෘ දෙවියා හැඳින්වීමට යොදා ගත් පළමුවන අවස්ථාව ශ්වේතාශ්වතර උපනිෂදයෙන් නිර්දිෂ්ට වේ. එම උපනිෂදයෙහි ඊශ්වර, විශ්වකර්මන් යන පද සමානාර්ථවත් පද ලෙස යෙදේ. ඊශ්වරයා විසින් ලෝකය මැවීමෙන් පසු මිනිසා තමාගේ කර්මයන්ට අනුව සංසාරයෙහි සැරි සරන බව එහි සඳහන් වන්නේ ඊශ්වරවාදයට වඩා දේවවාදය පිළිගත් අවස්ථාවක් දක්වමිනි.
බුදු සමය පහළ වූ යුගයේ සර්ව සම්පූර්ණ, පරිණත ඊශ්වරවාදයක් පැවැති බව පාලි සාහිත්‍යයෙහි එන ප්රකාශයන්ගෙන් පැහැදිලි වේ. බෞද්ධයන් පිළිගත් ප්‍රතීත්‍යසමුත්පාද දර්ශනය ඊශ්වර නිර්මාණවාදයට පටහැණිව ඉදිරිපත් කරන ලද්දකි. එවකට ඊශ්වරවාදීන් පිළිගෙන තිබුණු ඊශ්වරයා කෙබඳු පුද්ගලයෙක් ද යන්න “යො ඛො සො භවං බ්රහ්මා මහා බ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්ති ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සඤ්ජිතා වසී පිතා භුතභව්යානං” යන සූත්‍ර පාඨයෙන් (දීඝ නිකාය 1.18; මජ්ඣිමනිකාය 2.227) පැහැදිලි වේ.
පශ්චාත්කාලීන ෂඞ්දර්ශනයන් අතුරින් පැරණි වෛශේෂික දර්ශනය අනීශ්වරවාදයක් ලෙස හැදින්විය හැකි නමුත්, කලක් ගතවීමෙන් පසු වෛශේෂික දාර්ශනිකයෝ නොයෙක් අන්දමේ දාර්ශනික තර්ක ඉදිරිපත් කරමින් ඊශ්වරවාදය තහවුරු කිරීමට වෙහෙස ගත්හ. උදයන ආචාර්‍ය්‍යවරයාගේ න්යායකුසුමාඤ්ජලී නමැති ග්‍රන්ථය ඊශ්වරවාදී චින්තනයන්ගේ මුදුන් මල්කඩක් ලෙස සැලකිය හැකිය. ශංකරයන්ගේ අද්වෛත වේදාන්තයෙහි ද ඊශ්වරයකු පිළිබද විශ්වාසයක් වේ. එහෙත් මෙහි දැක්වෙන ඊශ්වරයා ලෝක නිර්මාපක දෙවියෙක් නොවේ. හැම කෙනකුන්ට ම සාධාරණ වූ ලෝක විෂය පිළිබඳ අනුභූතිය විස්තර කිරීම සඳහා උපයෝගී කොටගත් ‘විෂයී’ හැටියට දැක්වෙන පුද්ගලයෙකි.
ඊශ්වරවාදය සනාථ කිරීම සඳහා ඈත අතීතයේ සිට ම චින්තකයන් නොයෙක් ආකාරයේ තර්ක උපයෝගි කොටගත් බව පෙනේ. මෙයින් ප්‍රධාන කොට සැලැකෙන කාල්පනික හෙවත් සෛද්ධාන්තික (theoretical) තර්ක තුනකි.
(1) මූලහේතුක තර්කය (cosmological argument),
(2) සත්භාව තර්කය (ontological argument),
(3) සාධ්‍යතා තර්කය (teleological argument හෙවත් argument from design) යනුවෙනි.
මින් බැහැර වූ වැදගත් ප්‍රායෝගික (practical) තර්ක තුනක් ද වේ.
(4) ධාර්මික තර්කය (moral argument),
(5) ආගමික අනුභූතිය පදනම් කොටගත් තර්කය (argument from religious experience),
(6) ජන සම්මුතිය පදනම් කොටගත් තර්කය (argument from common consent) යනුවෙනි.
(1) මූලහේතුක තර්කය
පෙර අපර දෙදිග ම චින්තකයන් විසින් ඉදිරිපත් කරන ලද මෙම තර්කය මෙසේ දක්වා ඇත. ලෝකයේ හැම දෙයක් ම සංස්කෘතය. සංස්කෘත යනුවෙන් දැක්වෙන්නේ ඒ හැම දෙයක් ම හේතුඵල නියාමයට අනුව සිදුවන බවකි. මෙම හේතුඵල නියාමය අනාදිකාලික නොවේ. එහි ආරම්භයක් විය යුතුයි. ආරම්භයේ දී වූ එම හේතුව මුල් හේතුව (First Cause) වේ. එය අසංස්කෘත, අහේතුක ධර්මයකි. ඒ මුල් හේතුව ඊශ්වරයා වේ. කතෝලික දාර්ශනිකයකු වූ සාන්ත තෝමස් ඇක්වයිනාස් දෙවියන් පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට ඉදිරිපත් කළ පඤ්චවිධ න්‍යායයන් අතරින් තුනක් ම මේ මූල හේතුක තර්කයට ඇතුළත් වේ. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් නමැති ග්‍රීක දාර්ශනිකයන් දෙදෙනා ඉදිරිපත් කළ අදහස් පසු කලෙක දී මෙම තර්කය ඇතිවීමට හේතු වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙම තර්කයට සමාන තර්කයක් වෛදික දාර්ශනිකයකු වූ ප්‍රජාපති පරමේෂ්ඨින් විසින් ඉදිරිපත් කරන ලද බව පෙනේ. සංස්කෘත ධර්මයන්ගේ අනන්ත ප්රතිගාමිත්වය (infinite regress) පිළිගැනීමට මැළි වූ ප්‍රජාපති පරමේෂ්ඨින්, ලෝකාරම්භයේ දී පැවැත්තාවූ ද ලෝකයට පදනම් වූ ද ධර්මය වාතයෙන් තොරව ආශ්වාස ප්‍රශ්වාස කළ බව කියන්නේ (ඍග්වේදය X. 129) සංස්කෘත ධර්මයන්ගේ ආරම්භය අසංස්කෘත ධර්මයකින් ඇති වූ බව පෙන්වා දීමේ අභිලාෂයෙනි. මෙබඳු තර්කයක් ඉදිරිපත් කරන ලද නමුත්, පෞරුෂයෙකින් යුත් ලෝක නිර්මාපක දෙවියකු පිළිබඳ විශ්වාසයක් එම අවස්ථාවේ දී නොවූ බව කිව යුතුයි.
(2) සත්භාව තර්කය
බටහිර ලෝකයෙහි සත්භාව තර්කය පළමුවෙන් ම ඉදිරිපත් කරන ලද්දේ සාන්ත ඇන්සෙල්ම් (St. Anselm) නමැති බිෂොප්වරයා විසිනි. ඊශ්වරයා පිළිබඳව එතුමා ඉදිරිපත් කළ නිර්වචනයට අනුව ඊශ්වරයාගේ ගුණයන් ලෙස දැක්වෙන සර්වඥතාව හා සර්වබලධාරිත්වය මෙන් ම පාරප්‍රාප්තිය (perfection) ද වැදගත් වේ. සිතිය හැකි සෑම පාරමිතාවකින් ම හෙබියා වූ ඊශ්වරයා සත්භාවයෙන් (සත්‍ය වශයෙන් ඇති බවෙන්) තොර වන්නේ නම් හෙතෙම සම්පූර්ණ පාරප්රාප්තියෙන් යුක්ත වූවෙක් නොවේ. එහෙත් ඊශ්වරයා පාරප්රාප්තියෙන් යුක්ත වූවකු බැවින් ඔහු සත්‍ය වශයෙන් සිටිය යුතු වූ (සත්භාවයෙන් යුක්ත වූ) පුද්ගලයෙකි.
(3) සාධ්‍යතා තර්කය
ලෝකයේ නැතහොත් ස්වභාව ධර්මයේ යම්කිසි ක්රමිකතාවක්, පිළිවෙළක් දක්නට ලැබේ. මෙම ක්රමිකත්වය ඥානවන්ත පුද්ගලයකුගේ නිර්මාණයක් විය යුතුයි. එම නිර්මාතෘවරයා ඊශ්වරයා වේ. මෙම තර්කය බටහිර ලෝකයෙහි ප්‍රථමවරට ඉදිරිපත් කළේ 18 වැනි ශතවර්ෂයේ ජීවත් වූ විලියම් පේලි (Paley) නමැති දේවධර්මඥයාය. එහෙත් පෙරදිග චින්තකයන් අතර ඈත අතීතයේ සිට ම ජනප්‍රියත්වයක් ඉසුලූ තර්කයකි මෙය. වෛදික සාහිත්‍යයෙහි එන විශ්වකර්මන් පිළිබඳ විශ්වාසය ඇති වූයේ මේ අන්දමින් කළ තර්කණය නිසා බව පැහැදිලි වේ. ඍග්වේදයේ (X.82) ලෝක නිර්මාණය පිළිබඳව පහත සඳහන් ප්රශ්නය නඟා ඇත. කිනම් වනයක හටගත්තා වූ කවර ගසකින් (ලබාගත් දැවයන්ගෙන්) මෙම පෘථිවිය හා අවකාශය නිර්මාණය කරන ලද්දේ ද? වඩුවකු දැවයන් ප්‍රයෝජනයට ගනිමින් භාණ්ඩයක් සාදන්නාක් මෙන් නිර්මාතෘ ඊශ්වරයා යම්කිසි දෙයකින් ලෝකය මැවූ බව පිළිගත් කෙනකු විසින් නඟන ලද ප්‍රශ්නයෙකි, මේ. උද්යෝතකරයන්ගේ න්යායවාර්ත්තිකාවෙහි මෙම තර්කය බෙහෙවින් ප්‍රයෝජනයට ගෙන ඇති බව “යම් සේ වෑපොරෝ ආදිය අචේතන වූ හෙයින් නැණවත් වඩුවකු විසින් වඩුකම්හි මෙහෙයවන ලදුව ම ක්‍රියාකාරී වේ ද අචේතන වූ ප්‍රකෘති, පරමාණු, කර්ම යන මේ ද එසේ ම ක්‍රියාකාරී වෙයි. එහෙයින් එද නැණවත් කාරකයකු විසින් මෙහෙයවන ලද්දේ වේ (යථා වාශ්යාදි බුද්ධිමතා තක්ෂ්ණා දිෂ්ඨිතං අචෙතනත්වාත් ප්රවර්තන්තෙ, තථා ප්‍රධාන-පරමාණු-කර්මාණි අචෙතනානි ප්රවර්තන්තෙ. තස්මාත් තාන්යපි බුද්ධිමත් කාරණාධිෂ්ඨානං. - න්යායවාර්ත්තිකා 457 පිටුව) යන්නෙන් පෙනේ.
(4) ධාර්මික තර්කය
ඉහත සඳහන් කාල්පනික තර්ක න්යායවිරෝධී බවත් ඒ මගින් ඊශ්වරයා පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට නොහැකි බවත් පෙන්වා දුන් කාන්ට් (Kant) සහ හ්යුම් (Hume) වැනි අපරදිග දාර්ශනිකයන් පවා ධාර්මික තර්කය ඉවසූ බව පෙනේ. මෙම තර්කය අනුව සමාජයේ පිළිගෙන තිබෙන විනය ශික්ෂාවන් නැතහොත් සදාචාර ධර්මයන් ආණා දේශනාවන් ලෙස සලකන්නේ නම්, එම ආණා දේශනාවන්ගේ කර්තෘ වශයෙන් දැක්විය හැකි ඇණවුම්කරුවකු විය යුතුයි. එම පුද්ගලයා ඊශ්වරයාය. මහාබෝධි ජාතකයෙහි ඊශ්වරයා පිළිබඳව කෙරෙන විවේචනය පැරණි භාරතීයයන් අතර ඇණවුම්කරුවකු කෙරෙහි විශ්වාසයක් පැවති බවට සාධකයකි.
(5) ආගමික අනුභූතිය පදනම් කොට ගත් තර්කය
නූතන දේවගැතිවරයන් අතර බෙහෙවින් ජනප්‍රිය තර්කයක් වනුයේ ආගමික අනුභූතිය පදනම් කොට ගත් තර්කයයි. උසස් ආගමික අනුභූතියක් ලබන අවස්ථාවේ දී ඊශ්වරයා ප්රත්යක්ෂ වශයෙන් දුටු බව ප්‍රකාශ කරන අය ගැන නොයෙක් විට අසන්නට ලැබේ. භාවනාවෙහි නිරත වූ යෝගියා ඉදිරිපිට ඊශ්වරයා ප්රාදුර්භූත වන බව භාරතීය ආගමික ශාස්තෘවරයන් පිළිගත් සැටි ශ්වේතාශ්වතර උපනිෂදයෙන් මොනවට පැහැදිලි වේ. මෙම විශ්වාසය බෞද්ධයන්ගේ විවේචනයට ලක් වූ අයුරු බ්‍රහ්මජාල සූත්‍රයෙන් දත හැකිය.
(6) ජන සම්මුතිය පදනම් කොටගත් තර්කය
ඊශ්වර වාදය පිළිගත් අය ලෝක ජනගහනයෙන් විශාල කොටසකි. මෙපමණ විශාල සංඛ්‍යාවක් ඊශ්වරයා පිළිබඳ විශ්වාසය පිළිගන්නේ යම්කිසි වැදගත් හේතුවක් නිසා විය යුතුයි. සහජාසයානුගත අපේක්ෂාවන් සහ අවශ්‍යතාවන් හේතුකොටගෙන මෙබඳු විශ්වාස මිනිසා විසින් පිළිගනු ලබන්නේ යයි තර්ක කරන අය මේ නිසා ම ඊශ්වරවාදය සත්‍ය ධර්මයක් විය යුතු යයි පෙන්වා දෙති.
(ආගම, තෝමස් ඇක්වයිනාස්, උදයන, උද්‍යෝතකර, කාන්ට්, ප්‍රජාපති, පරමේශ්වර, හ්යුම් යන ලිපි ද බලන්න.)
(කර්තෘ: ඩී.ජේ. කළුපහන)
(සංස්කරණය: 1970)