"අයර්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [[ගොනුව:E-32.jpg| | + | [[ගොනුව:E-32.jpg|600px|right]](එරින්). බ්‍රිතාන්‍ය දූපත් සමූහයෙහි එක් දූපතකි. දේශපාලන වශයෙන් අයර්ලන්ත සමූහාණ්ඩු රාජ්‍යය හා උතුරු අයර්ලන්තය යයි එය දෙරටකට බෙදේ. මහාබ්‍රිතාන්‍යයට බටහිරින් උත්තර අක්ෂාංශ 51026' සහ 55021'ටත් බටහිර දේශාංශ 5025' සහ 100 30'ටත් මැදිව බටහිර යුරෝපා මහාද්වීප තටකයේ පිහිටා තිබේ. එය වේල්සයෙන් වෙන් වී ඇත්තේ සාන්ත ජෝජ් ඕඩයෙනි. ස්කොට්ලන්තයෙන් වෙන් වන්නේ උතුරු ඕඩයෙනි. මේ ඕඩ දෙක අතර අයිරිෂ් මුහුද වෙයි. සැතැපුම් 225ක් දික් වූත්, 140ක් පළල් වූත් වර්ග සැතැපුම් 31,839ක් විශාල වූත් අයර්ලන්තයෙන් වර්ග සැතැපුම් 945ක් ගංගා, විල් ආදියෙන් වැසී තිබේ. අයර්ලන්තයේ, අල්ස්ටර්, ලෙන්ස්ටර්, මන්ස්ටර් සහ කොනෝට් යැයි ප්‍රධාන පළාත්සතරකි. අල්ස්ටර් පළාතේ කෝරළ නවයෙන් කෝරළ හයක් ම වර්ග සැතැපුම් 5,238ක් ඒකාබද්ධ (බ්‍රිතාන්‍ය) රාජ්‍යයට අයත්ය. අනෙක් කෝරළ තුන සහ ලෙන්ස්ටර්, මන්ස්ටර් හා කොනෝට් නම් වූ පළාත්වලින් ඒර හෙවත්අයිරිෂ් සමූහාණ්ඩු රාජ්‍යය සෑදෙයි. |
'''භූලක්ෂණ:''' අයර්ලන්තය වෙරළාසන්න කඳු වළල්ලකින් ද මධ්‍යම තැනිතලාවකින් ද යුක්තය. මේ කඳු හේතුකොටගෙන, නැගෙනහිරින් පිහිටි ඩබ්ලින් සහ ඩන්ඩෝක් නගර අතර ප්‍රදේශයෙහි හැර, සෙසු ප්‍රදේශයන්හි වෙරළ බෙහෙවින් කඩතොලු සහිතය. විශේෂයෙන් ම වයඹ දිග වෙරළ ඩොනිගාල්, ක්ලූ සහ ගෝල්වේ ආදි ගැඹුරු බොකු සහිතය. ස්වාභාවික වරායවල් ද අයර්ලන්තයේ බහුලය. වෙරළට නුදුරුව කුඩා දූපත් රාශියක් ඇත. | '''භූලක්ෂණ:''' අයර්ලන්තය වෙරළාසන්න කඳු වළල්ලකින් ද මධ්‍යම තැනිතලාවකින් ද යුක්තය. මේ කඳු හේතුකොටගෙන, නැගෙනහිරින් පිහිටි ඩබ්ලින් සහ ඩන්ඩෝක් නගර අතර ප්‍රදේශයෙහි හැර, සෙසු ප්‍රදේශයන්හි වෙරළ බෙහෙවින් කඩතොලු සහිතය. විශේෂයෙන් ම වයඹ දිග වෙරළ ඩොනිගාල්, ක්ලූ සහ ගෝල්වේ ආදි ගැඹුරු බොකු සහිතය. ස්වාභාවික වරායවල් ද අයර්ලන්තයේ බහුලය. වෙරළට නුදුරුව කුඩා දූපත් රාශියක් ඇත. |
15:30, 22 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
(එරින්). බ්‍රිතාන්‍ය දූපත් සමූහයෙහි එක් දූපතකි. දේශපාලන වශයෙන් අයර්ලන්ත සමූහාණ්ඩු රාජ්‍යය හා උතුරු අයර්ලන්තය යයි එය දෙරටකට බෙදේ. මහාබ්‍රිතාන්‍යයට බටහිරින් උත්තර අක්ෂාංශ 51026' සහ 55021'ටත් බටහිර දේශාංශ 5025' සහ 100 30'ටත් මැදිව බටහිර යුරෝපා මහාද්වීප තටකයේ පිහිටා තිබේ. එය වේල්සයෙන් වෙන් වී ඇත්තේ සාන්ත ජෝජ් ඕඩයෙනි. ස්කොට්ලන්තයෙන් වෙන් වන්නේ උතුරු ඕඩයෙනි. මේ ඕඩ දෙක අතර අයිරිෂ් මුහුද වෙයි. සැතැපුම් 225ක් දික් වූත්, 140ක් පළල් වූත් වර්ග සැතැපුම් 31,839ක් විශාල වූත් අයර්ලන්තයෙන් වර්ග සැතැපුම් 945ක් ගංගා, විල් ආදියෙන් වැසී තිබේ. අයර්ලන්තයේ, අල්ස්ටර්, ලෙන්ස්ටර්, මන්ස්ටර් සහ කොනෝට් යැයි ප්‍රධාන පළාත්සතරකි. අල්ස්ටර් පළාතේ කෝරළ නවයෙන් කෝරළ හයක් ම වර්ග සැතැපුම් 5,238ක් ඒකාබද්ධ (බ්‍රිතාන්‍ය) රාජ්‍යයට අයත්ය. අනෙක් කෝරළ තුන සහ ලෙන්ස්ටර්, මන්ස්ටර් හා කොනෝට් නම් වූ පළාත්වලින් ඒර හෙවත්අයිරිෂ් සමූහාණ්ඩු රාජ්‍යය සෑදෙයි.භූලක්ෂණ: අයර්ලන්තය වෙරළාසන්න කඳු වළල්ලකින් ද මධ්‍යම තැනිතලාවකින් ද යුක්තය. මේ කඳු හේතුකොටගෙන, නැගෙනහිරින් පිහිටි ඩබ්ලින් සහ ඩන්ඩෝක් නගර අතර ප්‍රදේශයෙහි හැර, සෙසු ප්‍රදේශයන්හි වෙරළ බෙහෙවින් කඩතොලු සහිතය. විශේෂයෙන් ම වයඹ දිග වෙරළ ඩොනිගාල්, ක්ලූ සහ ගෝල්වේ ආදි ගැඹුරු බොකු සහිතය. ස්වාභාවික වරායවල් ද අයර්ලන්තයේ බහුලය. වෙරළට නුදුරුව කුඩා දූපත් රාශියක් ඇත.
මුහුදු මට්ටමේ සිට සාමාන්‍යයෙන් අඩි 250ක් පමණ උස් වූ මධ්‍යම තැනිතලාව, නියම වශයෙන් තැනින් තැන හෙල්වැටි සහිත වූ රැළි බිමකි. මෙම පෙදෙසට වර්ෂාව අධිකය. එහි ජලය රැඳෙන වගුරු බිම් බහුලව තිබේ. අයර්ලන්තයේ වෙරළාසන්න කඳු වළල්ලෙහි සාමාන්‍යඋස අඩි 500ක් පමණ වන නමුත් අඩි 3,000ක් පමණ වූ ශිඛර කීපයක් ද ඇත. ඊශාන දිගින් වූ ඇන්ට්‍රිම් උස්බිම්වල වැඩි ම උස අඩි 2,000කි. බටහිරින් අඩි 2,240ක් උස සවෙල් ශිඛරය සහිත ස්පෙරින් කඳු පිහිටා තිබේ. අඩි 2,466ක් උස් වූ එරිගෝල් ශිඛරය සහ අඩි 2,240ක් උස ස්ලිව් ස්නාක්ට් ශිඛරය සහිත ඩොනිගාල් කඳු ඊට බටහිරින් වේ. වයඹ දිග මූදුකරයෙහි පිහිටි කොනිමාරා සහ මේයෝ කඳු අඩි 2,300කට වඩා උසය. වෙරළ දක්වා ම විහිදි කඳු වැටි සහිත නිරිත දිග පෙදෙස අයර්ලන්තයේ ප්‍රධාන කඳුකරය වේ. එහි පිහිටි මාගිලිකඩිස් රීක්ස් නම් කොටසේ කැරන්ටුවල් කඳු මුදුන (3,414') උස ම ශිඛරයයි. කෙරී කඳු සහ නැගෙනහිර පිහිටි වික්ලෝ කඳු අතර ප්‍රදේශයෙහි ගෝල්ටි නොක්මිල්ඩවුන්, කූම්රා ආදි කුඩා කඳු වැටි කීපයක් ම ඇත. වෝටර්fපඩ් බොක්කේ සිට ඩබ්ලින් සමීපයට විහිදී තිබෙන වික්ලෝ කඳුවල පිහිටි ලග්නා-කල්‍යා ශිඛරය අඩි 3,039ක් උස නමුත්, මුළු කඳුකරයෙහි සාමාන්‍ය උස අඩි 2,500ක් පමණ වේ. නැගෙනහිර වෙරළෙහි කඳු කපොල්ල" ඩබ්ලින් සහ ඩන්ඩොක් බොකු අතර පිහිටි හෙයින්, මධ්‍යම තැනිතලාව ඒ අතරින් නැගෙනහිර වෙරළ දක්වා ම විහිදෙයි. උතුරු අයර්ලන්තයේ ඉතා ම උස් කඳුමුදුන වන ස්ලිච් ඩොනාඩ් (2,796') ශිඛරය ඩන්ඩෝක් සමීපයේ මෝන් කඳු වැටියෙහි පිහිටා තිබේ.
අයර්ලන්තයේ කොනිමාරා සිට ඩොනිගාල් දක්වා වයඹ දිග වෙරළ ප්‍රදේශය සෑදී තිබෙන්නේ වැඩිකොට ම ප්‍රාක්කේම්බ්‍රියානු නයිස් සහ ශිස්ට් පාෂාණයෙනි. ගොල්වේ සහ ඩොනිගාල් කෝරළවල ග්රැනිට් පාෂාණය ද තැනින් තැන මේ කොටසට නෙරා සිටී. ඩවුන් කෝරළයේ සහ ලෝංෆඩ් කෝරළයේ භූමිය ඕඩොවීසියානු හා සිලුරියානු වැලිගලින් හා ශල්කපාෂාණයෙන් යුක්තය. මෙවැනි ම පාෂාණ තීරයක් ගිනිකොනෙහි පිහිටි වික්ලෝ කඳු වැටිය දිගේ ද පිහිටා තිබේ. නිරිත දිග සහ දකුණු දිග අයර්ලන්තයේ හ'සිනියානු කඳු ඩෙවෝනියානු, අංගාරධර සහ ප'මියානු පාෂාණවලින් සෑදී ඇත. ඊශාන දිග අයර්ලන්තයේ ඇන්ට්‍රිම් සානු ඉමෙහි මෙසෝසොයික වැලිගල් සහ වැලිමැටි තැන්පත් වී තිබේ. ජුරාසික් ගණයට අයත් හුනුගල් සහ ශල්ක තට්ටුවක් මතුපිට වෙයි. ඇන්ට්‍රිම් සානුව සෑදී තිබෙන්නේ ඉයෝසීන සමයෙහි ඇති වූ ගිනි කඳුවල ක්‍රියාකාරීත්වයෙන් හටගැනුණු බැසෝල්ට්වලිනි. මේ පාෂාණ තට්ටුවට යටින් ඛටිකාමය සමයට අයත් රටහුනු තට්ටුවක් ද පවතී. දකුණින් පිහිටි මෝන් කඳුකරය මළ යමහල් කුළුවලින් ගහනය. කෙරි, කෝක් සහ වෝටර්ෆඩ් යන කෝරළවල පිහිටි දකුණු කඳුකරය පේලියොසොයික යුගයට අයත් රතු වැලිගල්, ශල්ක සහ රටහුනු තට්ටු රැලි ගැසී යෑමෙන් සෑදී තිබේ. මධ්‍යම තැනිතලාවේ රැලි නොගැසී තිරස්ව පිහිටි ස්තර ද එකල්හි ම තැන්පත් වූ සේ සැලැකේ.
උතුරු මැද පිහිටි කැවන් කෝරළයෙන් පටන් ගෙන රී සහ ඩ'ග් යන විල් මැදින් ගලා බටහිර වෙරළේ ලිමරික් නගරය අසලින් මුහුදට වැටෙන ෂැනන් ගඟ (සැ.240) බ්‍රිතාන්‍ය දූපත්වල දක්නා ඉතා ම දිග ගඟයි. සක්, ඉනි සහ බ්‍රොස්නා යන ප්‍රධාන අතු ගංගා සහිත මේ ගඟින් පෝෂිත ප්‍රදේශය වර්ග සැතැපුම් 4,544කි. ඩබ්ලින් නගරය අසලින් පටන් ගෙන ෂැනන් ගඟ කරා ගලන රෝයල් කැනෑල් සහ ග්රෑන්ඩ් කැනෑල් නම් වූ ඇළවල් දෙකක් ඇත. යටකි ඩ'ග් විලට පහළින් ෂැනන් නිම්නයේ ආඩ්නාක්‍රැෂාහි පිහිටුවා ඇති ජලවිදුලි මධ්‍යස්ථානයෙන් අයිරිෂ් සමූහාණ්ඩු රාජ්‍යයේ විශාල කොටසකට විදුලි බලය සපයනු ලැබේ. ෂැනන් ගඟේ සැතැපුම් 150ක් පමණ ඉහළට ලොකු නැව්වලට යාත්‍රා කළ හැකියි. උතුරු මැද තැනිතලාවෙන් පටන් ගෙන, තදින් ග්ලැසියර ඛාදනයට භාජන වූ ප්‍රදේශයක් ඔස්සේ වයඹ දිගට නැඹුරුව ගලා ගොස් ඩොනිගාල් බොක්කෙන් මුහුදට වැටෙන අ'න් (බ.) ගඟ සැතපුම් 70ක් දිගයි. මෝයි, ක්ලෙයාර් සහ fපීල් බටහිර වෙරළට ගලන තවත් ගංගාය. ඩොනිගාල් සහ ස්පෙරින් කඳු අතරින් පටන් ගන්නා fපොයිල් ගඟ උතුරට ගලයි. අයර්ලන්තයෙහි පිහිටි විශාලතම ජලාශය වූ නා විලට හතර වටින් පිහිටි ඇන්ට්‍රිම්, මෝන් සහ ස්පෙරින් යන කඳුකරවලින් ඇළදොළ ගලා බස්නා අතර ම, ගඟ උතුර බලා එයින් නික්මෙයි. බොයින් සහ ලිfපි ගංගා නැගෙනහිර වෙරළ බලා ගලයි. ගිනිකොන දිග ලෙන්ස්ටර් කඳුවැටිය හරහා ගලන ස්ලේනි ගඟ ද වෝටර්fපඩ් වරායට ගලන බැරෝ සහ ෂූර් ගංගා ද යෝල් බොක්කට වැටෙන බ්ලැක්වෝටර් ගඟ ද කෝක් වරායට ගලන ලී ගඟ ද දකුණේ පිහිටි ප්‍රධාන ගංගාය.
අයර්ලන්තයේ භූ නිර්මාණය අනුව, මධ්‍යම තැනිතලා ප්‍රදේශයේ පිහිටි ඉහළ නිම්නවල දී සෙමෙන් ගලන ගංගා වෙරළාසන්න කපොලු තුළින් ශීඝ්‍රව ගලයි.
උතුරු අත්ලන්තික් සාගරයේ බලපෑම නොඅඩුව පවත්නා හෙයින් අයර්ලන්තය සෞම්‍ය ඒකාකාර දේශගුණයක් ඇති දිවයිනකි. උතුරු අත්ලාන්තික් උණුසුම් ප්‍රවාහය අයර්ලන්තයේ දේශගුණය කෙරෙහි බෙහෙවින් බලපායි. එහි සාමාන්‍ය උෂ්ණත්වය පැ.450ක් පමණ වේ. ග්‍රීෂ්ම ඍතුවේ දී බටහිර වෙරළේ උෂ්ණත්වය පැ.500කි. ශීත ඍතුවේ දී පැ.320ට අඩුවන්නේ ඇතැම් දිනවල පමණි. ග්‍රීෂ්ම ඍතුවේ දී නැගෙනහිර වෙරළබඩ පෙදෙස් සාමාන්‍යයෙන් බටහිර ප්‍රදේශවලට වඩා උෂ්ණය. අයර්ලන්තය සෞම්‍ය කලාපික (නිරිත දිග) විරුද්ධ වෙළඳ සුළං කලාපයේ පිහිටි හෙයින් එහි වර්ෂාව ඉතාම අධික පළාත් වනුයේ ගෝල්වේ සහ කෝක් (>1000) කඳුවල සුළං අතට මූණපා සිටින බෑවුම්ය. බටහිර වෙරළබඩ බොහෝ පළාත්වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 40ක් පමණ වේ. සුළං මුවාවෙහි පිහිටි සමහර නැගෙනහිර වෙරළාසන්න පෙදෙස්වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 30 නොඉක්මවයි. (ඩබ්ලින්: 27.6"). මධ්‍යම තැනිතලාවේ සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 30-40ක් පමණ වේ. එහෙත් අයර්ලන්තයේ වාෂ්පීකරණය අඩු බැවින් ද භූමියෙන් වැඩි කොටස සමතලා නොවන බැවින් ද පස නිතර ම තෙත්ව පවතී.
ඉතා පුරාණ කාලවල දී ඝන වනාන්තරවලින් වැසී තිබෙන්නට ඇතැයි සලකනු ලබන අයර්ලන්තය මහාද්වීපික ග්ලැසියර ඛාදනයට භාජන වූවාට පසු ගහකොළ සම්පූර්ණයෙන්ම නැවත වැඩී නැත. අයර්ලන්තය දිවයිනක් වන හෙයින්, අයිස් යුගයේ දී අභාවයට පත් වූ සත්ව වර්ගයාට සහ උද්භිද වර්ගයනට එහි නැවත බෝවීමට ඉඩ ප්‍රස්තාව නොලැබිණ. දැනට අයර්ලන්තයෙහි වැඩි කොට ම ඇත්තේ මිටි ලඳු කැළෑය. මහා වනාන්තර දුර්ලභය. මධ්‍යම තැනිතලාවේ වගුරු බිම්වල මිටි පඳුරු විශේෂයක් ද වේ. සෑම තැන ම පාහේ ඉතා සරු නිල් තණ වැවෙන නිසා, අයර්ලන්තය මරාමිණි දිවයින" (Emerald Isle) යනුවෙන් ද හැඳින්වේ.
ඛනිජ ධනය අතින් අයර්ලන්තය පොහොසත් නොවේ. සුළු වශයෙන් ලැබෙන යකඩ සහ ගල් අඟුරු හැරෙන්නට වනෙත් ඛනිජ වර්ග දුලබය. අයර්ලන්තයේ වගුරු බිම්වලින් ලැබෙන පිට් (ගල් තාර) ඉන්ධන වශයෙන් බහුල ලෙස භාවිත කරනු ලැබේ.
19 වැනි ශතවර්ෂයේ අවසාන භාගයේ දී ඇති වූ සාගතයෙන් පසු අයර්ලන්තයේ ජනගහනය පහත වැටෙන්නට විය. 1841 දී ලක්ෂ 81කට අධික ජන සංඛ්‍යාවක් විසූ නමුත් 1901 දී එරට ජනගහනය 44,58,775 දක්වා අඩු වී තිබුණි. වර්තමාන අයර්ලන්තයේ ජනගහනය ඊටත් අඩුය. (1953: 43,32,000. සමූහාණ්ඩු රාජ්‍යයේ : 29,60,000; උතුරු අයර්ලන්තයේ: 13,70,000) උතුරු අයර්ලන්තයේ ප්‍රධාන ආගම ප්‍රොතැස්තන්ත සභාව වන අතර රෝමානුකතෝලික ආගම සමූහාණ්ඩු රාජ්‍යයේ ප්‍රධාන ආගම වෙයි.
අයර්ලන්තයේ ආර්ථික ශක්තිය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මය සහ පශුපාලනය මත රඳා පවතී. සරු තණබිම්වල ගව, අස්, බැටළු, ඌරු, කුකුළු ආදි සතුන් ඇති කිරීමත් ඔවුන් සඳහා ආහාර බෝග වැවීමත් මනුෂ්‍ය ආහාර පිණිස ඕට්, තිරිඟු ආදිය වැවීමත් ප්‍රධාන කර්මාන්තයෝය. හණ වැවීම බෙහෙවින් කෙරෙන හෙයින් ලිනන් රෙදි සහ රේන්ද කර්මාන්තය ඉතා දියුණුය.වෙරළ බඩ පළාත්වල මසුන් මැරීම ද ඇතැම් තොටුපළවල නැව් සෑදීම ද කරනු ලැබේ. මේ හැර ආහාර ද්‍රව්‍ය, දුම්කොළ වීදුරු සහ සපත්තු, ලොම් පිළී, කපුපිළී ආදිය ද නිෂ්පාදනය කරනු ලැබේ.
අයර්ලන්තය ගමනාගමන පහසුකම් අතින් දියුණු රටකි. බොහෝ ගංගා සහ විල් ද ඒවා එකිනෙක සම්බන්ධ කරන කෘත්‍රිම ඇළවල් ද බඩු එහා මෙහා ගෙනයෑමේ දී බෙහෙවින් උපකාරී වෙයි. අහස් යාත්‍රා ගමනාගමනය ඉතා දියුණුය. බටහිර වෙරළේ ෂැනන් නගරය ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළකි.
සමූහාණ්ඩු රාජ්‍යයේ අගනුවර වන ඩබ්ලින් (5,22,183) අයර්ලන්තයේ විශාලතම නගරයයි. ඓතිහාසික නගරයක් වන එහි නැව් සෑදීම, වීදුරු බඩු සෑදීම සහ බීම පෙරීම ප්‍රධාන කර්මාන්තයි. විශ්වවිද්‍යාලයක් ද තිබේ. උතුරු අයර්ලන්තයේ අගනුවර වන බෙල්fපාස්ට් නගරය (4,50,800) ලෝකයේ ප්‍රධාන නෞකා තටාකයකි. එහි ලිනන් කර්මාන්තය ද ඉතා දියුණුය. විශ්වවිද්‍යාලයක් ද තිබේ. ලිමරික් (50,820) ෂැනන් මෝයෙහි පිහිටි නැව්තොටකි. උතුරෙහි පිහිටි ලන්ඩන්ඩෙරි (50,300) නැව් සෑදීමේ කර්මාන්තය පිළිබඳව උසස් තැනක් ගනී. දකුණු වෙරළෙහි පිහිටි කෝක් නගරය ද ප්‍රධාන නැව් තොටකි. (74,567). එහි ද විශ්වවිද්‍යාලයක් ඇත. (අයර්ලන්ත සමූහාණ්ඩු රාජ්‍යය; උතුරු අයර්ලන්තය බ.)
පොත්පත්:
Biham, E. G. – The Climatesof the British Isles.
Cole, G. a. J. & Hallisey, T. – Hand –book of the Geology of Ireland.
Freeman, T. W. – Ireland.
Wheeler, T. S. – Industrial Resources of Ireland.
ඉතිහාසය: අයිරිෂ් ජාතිකයන්ගේ ජනප්‍රවාද යුරෝපයේ අන් සෑම ජාතියක ම ජනප්‍රවාදයන්ට වඩා පැරැණිය. ලියා රැස්කොට ඇති ඒ ජනප්‍රවාදයන්ට අනුව, ඔවුන් අයර්ලන්තයට මුලින් ම පැමිණ ඇත්තේ උතුරු ස්පාඤ්ඤයෙනි. මහා ඇලෙක්සැන්ඩර් රජු ග්‍රීසියේ රජ කළ සමයට ආසන්න කාලයක අයර්ලන්තයට පැමිණි අයිරිෂ් ජාතිකයන්ගේ මුතුන්මුත්තන් "තු අත ද දනන්" නමැති ස්වදේශික පාලකයකු පරාජය කොට දැනට අයර්ලන්තය නමින් දන්නා ප්‍රදේශය අල්ලා ගත් බව කියති. එහෙත් නූතන ඉතිහාසඥයන්ගේ මතය අනුව, අයර්ලන්තයේ මුලින් ම වාසය කෙළේ නවපාෂාණ යුගයට අයත් මිනිසුන් වර්ගයකි. ඊට පසු, ලෝහ ආයුධ භාවිත කළ මධ්‍යධරණී වර්ගයේ මිනිසුන් කොටසක් ද ඔවුන්ගෙන් පසුව "පික්ට්" නම් මනුෂ්‍ය වර්ගයක් ද අයර්ලන්තයේ විසූ බවට සාක්ෂ්‍ය ඇත. ක්‍රි.පූ.350 දී පමණ මධ්‍යම යුරෝපයේ සිට (ගෝල් ප්‍රදේශයෙන්) පැමිණි කෙල්ට්වරු ඊළඟට අයර්ලන්තය අයිති කරගත්හ. කෙල්ට්වරුන් වරින්වර අයර්ලන්තයට පැමිණි බව පෙනී යසන අතර, ඔවුන් මුලින්ම එහි පැමිණියේ ක්‍රි.පූ.1000 දී පමණ යයි සමහර ඉතිහාසඥයෝ කියති. දැනට යුරෝපයේ ඉතිරිව ඇති කෙල්ට් ජාතික එක ම රාජ්‍යය ද අයර්ලන්තය යි. කෙල්ට්වරුන් ඔවුන්ගේ ලෝහ ආයුධවල විශිෂ්ටභාවයත් ඔවුන්ගේ රණශූරභාවයත් නිසා පහසුවෙන් ම ස්වදේශිකයන් පරාජය කොට ගත් බව පෙනේ. කෙල්ට්වරු කුඩා රාජ්‍ය ඉදිකොට පාලනය පවත්වා ගෙන ගියහ. මේ රාජ්‍යයෝ සමූහ වශයෙන් ක්‍රමයෙන් එක්වන්නට වූහ. මෙසේ මුල් කෙල්ටික් අවධියේ දී සිදු වූ ඉතා වැදගත් සිද්ධියක් නම් අයර්ලන්තය රාජ්‍ය පහක් වශයෙන් බෙදීමයි. අල්ස්ටර්, උතුරු ලෙන්ස්ටර්, දකුණු ලෙන්ස්ටර්, මන්ස්ටර්, කොනෝට් යනු ඒ රාජ්‍ය පහයි. ක්‍රමයෙන් අල්ස්ටර්හි ද බලය අල්ලාගත් කොනෝට්-ටාරා වංශය 1002 දක්වා අයර්ලන්තයේ රජ පෙළපත හැටියට සැලකිණ. ක්‍රි.ව.පළමුවන ශතකයේ දී පමණ අයර්ලන්තයේ පැවැති කෙල්ට් රාජ්‍ය පහ ක්‍රි.ව.400 පමණ වන විට හත දක්වා වැඩි වූ බව ද පෙනේ. ක්‍රි.ව.800 පමණ වන විට කෙල්ට්වරු මුළු අයර්ලන්තය ම යටත් කොටගෙන පාලන බලය මුළුමනින් ම තමන් අතට ගත්හ. ඔවුන්ගේ සංඛ්‍යාව ස්වදේශිකයන්ගේ ගණනට වඩා බොහෝ අඩු වුව ද ක්‍රි.ව.අටවන ශතකය වන විට ඔවුන්ට තම භාෂාව හා සිරිත් විරිත් ආදිය මුළු අයර්ලන්තයේ ම පතුරුවා හරින්නට හැකි විය. පැට්‍රික් නමැති සාන්තුවරයා විසින් පස්වන සියවසේ දී ක්‍රිස්තියානි ධර්මය පතුරුවා හරින තුරු ම අයර්ලන්තවාසීන්ගේ ආගම වූයේ ස්වාභාවික වස්තූන් පිදීමය. මෙය ඩ්රුයිඩ් (බ.) ආගම නමින් හැඳින්විණ. අයර්ලන්තයට ලතින් සභ්‍යත්වය හා රෝමන් සංස්කෘතිය ලැබුණේ ක්‍රිස්තු ධර්මය ගෙන ඊමෙන් පසුය.
ක්‍රිස්තු ධර්මය පැතිරෙන්නට වී ශතවර්ෂ තුනහමාරක් පමණ ගත වූ පසු ඇරඹුණු පරසතුරු ආක්‍රමණ අවුරුදු සිය ගණනක් තිස්සේ ම නොකඩවා කෙරෙන්නට විය. මුල දී ඒවා කොල්ලකෑම් මං පැහැරීම් වැනි තාවකාලික කරදර වුව ද කල් යත් යත් සතුරන් රට අභ්‍යන්තරයට ද කඩා වැදී රටේ නොයෙක් ප්‍රදේශ යටත් කොටගෙන එහි ජනපදයන් පිහිටුවා ගත් බව ද පෙනේ. ක්‍රි.ව.850 දී පමණ ඩේන්වරු ඩබ්ලින් වෝටර්fඩ් හා ලිමරික් යන ස්ථානයන්හි විජිතයන් පිහිටුවා ගෙන රටේ අභ්‍යන්තර ප්‍රදේශ පවා ආක්‍රමණය කිරීමට පටන් ගත්හ. එහෙත් අයර්ලන්තයේ අගරජු බවට පත්ව සිටි බ්‍රින්බෝරූ ක්‍රි.ව.1014 දී ඩබ්ලින් අසල ක්ලොන්ටාfප්හි දී බ්‍රින්ඩේන්වරුන් සමූලඝාතනය කොට පරසතුරන්ගෙන් රට මුදා ගත්තේය. මේ සටනේ දී බ්‍රින්බෝරූ මරුමුවට පත් වූ නමුත් එතැන් සිට අවුරුදු 150ක පමණ කාලයක් අයර්ලන්ත වාසීන්ට සතුරු ආක්‍රමණයන් ගෙන් ගැහැටක් නොවීය. එහෙත් බ්‍රින්බෝරූගේ මරණයෙන් පසු ඔහුගේ ස්ථානය ගැනීමට සමත් සුදුස්සකු නොවූයෙන් අභ්‍යන්තර කෝලාහල හා අසමගිකම් ඇතිවන්නට විය. මේ නිසා අවුරුදු පනහක් පමණ කාලයක් රට අරාජිකව පැවැත්තේය. දොළොස්වන සියවසේදී සිව්වන අද්‍රියන් පාප්තුමා විසින් එංගලන්තයේ දෙවන හැන්රි (1154-1189) රජුට අයර්ලන්තයේ පාලනය භාර දෙන ලදි. එහෙත් ඔහුට සාමයෙන් රට අත්පත් කරගැනීමට නොහැකි වූ හෙයින්, එය ආක්‍රමණය කිරීම සඳහා ක්‍රි.ව.1167 සිට වරින්වර ඉංග්‍රීසි හමුදාවෝ එහි යවන ලදහ. ක්‍රි.ව.1171 දී අයර්ලන්තයට ගොඩ බට හැන්රි රජ මුළු අයර්ලන්තය ම පාහේ සිය ආධිපත්‍යය යටතට ගත්තේය. මෑතක් දක්වා ම පැවතුණු ඉංග්‍රීසි-අයිරිෂ් අරගලයේ ආරම්භය මේ ආක්‍රමණය යයි සිතිය හැක.
ඉංග්‍රීසි පාලනයෙන් රට මුදා ගැනීම සඳහා අයිරිෂ් ජාතිකයන්ට උදවු කිරීම පිණිස ස්කොට්ලන්තයේ රොබට් බ්‍රෑස් රජ ක්‍රි.ව.1315 දී තම සොහොයුරු ඇඩ්වඩ් කුමාරයා අයර්ලන්තයට යැවීය. අයර්ලන්ත වැසියන් ඇඩ්වඩ් කුමාරයා සිය රජු හැටියට පිළිගෙන ඔහුගේ ද උදවු ඇතිව ඉංග්‍රීසීන්ට විරුද්ධ සටනක් කළ නමුත්, ක්‍රි.ව.1318 දී ඔහු ඉංග්‍රීසින්ට පැරදී මැරුම් කෑවේය. අයර්ලන්තයේ පාලනය භාරව සිටි ඉංග්‍රීසි ජාතිකයෝ කල් යාමේ දී අයිරිෂ් ගති පැවතුම් හා සිරිත් විරිත් වැලඳ ගත්හ. ඉංග්‍රීසි අධිපතීන් බොහෝ දෙනකු පෙනී සිටියේ අයිරිෂ් නම්වලිනි. මෙවැනි තත්වයක් අයර්ලන්තයේ පවතිද්දී, එංගලන්තයේ සිංහාසනය ටියුඩර් නම් අලුත් රාජවංශයකට හිමි විය. මේ නව රාජවංශයේ පළමුවන රජු වූ හත් වන හෙන්රි මුල දී අයර්ලන්තය කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදැක්වූ නමුදු, යෝක් රාජ වංශයට හිතවත් කිල්ඩෙයාර් නම් අධිපතියාගේ බලය වැඩි වනු දැක ඇඩ්වඩ් පොයිනිං යටතේ යුද හමුදාවක් යවා කිල්ඩෙයාර් අධිපතියා සිරකොට ගෙන, පාර්ලිමේන්තුවත් රැස් කරවා, අයර්ලන්තයේ ඉංග්‍රීසි බලය තහවුරු කරගනු වස් පොයිනිං නීතිය නමින් නීතියක් පැනවීය. මේ අනුව, රජුගේ අනුමතිය නැතිව අයිරිෂ් පාර්ලිමේන්තුවත් රැස් නොවිය යුතු යයි ද ඔහුගේ අවසරය නැතිව කිසි ම පනතක් ඉදිරිපත් නොකළ යුතු යයි ද ඉංග්‍රීසි නීතිය අයර්ලන්තයෙහි වලංගු නීතිය විය යුතු යයි ද නියම කරන ලදි. අට වන හෙන්රි රජු මුළු අයර්ලන්තය ම යටත් කොට ගෙන අයිරිෂ් ජාතිකයන්ට ඉංග්‍රීසි ගති පැවතුම් හා සිරිත් විරිත් පුරුදු කරවන්නට උත්සාහ දැරූ ප්‍රථම ඉංග්‍රීසි රජු හැටියට හැඳින්විය හැක. මේ රජු ක්‍රි.ව.1535 දී කතෝලික සභාවෙන් ඉවත් වී එංගලන්ත සභාවේ ප්‍රධානියා හැටියට පෙනී සිටීමෙන් පසු, ඔහු අයිරිෂ් කතෝලික සභාව ද පාප්තුමාගේ ආධිපත්‍යයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම නිසා, අයිරිෂ් ජනයා ඉංග්‍රීසි පාලනයට වඩ වඩා විරුද්ධ වූහ. පළමු වන මේරි බිසවගේ රාජ්‍ය සමයේ දී පාප්වහ්නසේගේ බලය යළිත් පිළිගන්නා ලද නමුත්, කතෝලික සභාවෙන් පැහැරගෙන රාජසන්තක කරන ලද ඉඩම් ආපසු පල්ලියට නොදෙන ලදි. ඊළඟට රජ පැමිණි පළමු වන එළිසබෙත් බිසව කතෝලිකයන් වූ අයිරිෂ් ජාතිකයන් රෙපරමාදු ආගමට හරවා ගන්නට දැරූ උත්සාහය නිසා ද රට කුපිත විය. අටවන හැන්රි රජුත් ඔහුට අනතුරුව ආ ඉංග්‍රීසි රජුන් බොහෝ දෙනකුන් කතෝලිකයන් වූ අයිරිෂ් ජනයාට සැලකූයේ ඉතා ක්‍රෑර අන්දමිනි. ඉංග්‍රීසි පාලනය අයිරිෂ් ජාතිකයන්ට තිත්ත වීමට මෙය ද එක් හේතුවක් විය. මේ ආදි කරුණු නිසා ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යයෙන් මිදීමට ඔවුහු වරින්වර උත්සාහ ගත්හ. එහෙත් ටියුඩර් පාලන යුගයේ දී මේ වෑයම සඵල නොවීය. ටියුඩර් රජුගෙන් පසු දහහත්වන සියවසේ මුල් හරියේ දී එංගලන්තයේ රජකමට පත් ස්ටුවට් රාජවංශයේ පාලන යුගයේ දී ද අයර්ලන්තය එංගලන්තයේ පාලනයෙන් මිදීමට ගත් උත්සාහය හරි නොගියේය. ස්ටුවට් රාජ වංශයේ ප්‍රථම රජු වූ ජේම්ස් I අයිරිෂ් ජනයා කෙරෙහි ලිහිල් ලෙස ක්‍රියාකිරීමට කැමැත්ත දැක්වූ නමුත්, එංගලන්තයේ මහජන මතය ඊට විරුද්ධව නැඟී ආ හෙයින් ඔහුට ඒ අදහස අත්හරින්නට සිදු විය. ස්ටුවට් යුගයේ දී ඉංග්‍රීසීන්ගේ පාලනයට විරුද්ධව කැරලි කිහිපයක් ම අයර්ලන්තයේ ඇති විය. ක්‍රි.ව.1641 දී අල්ස්ටාර්හි ඇති වූ කැරැල්ල මින් ප්‍රධානය. අවුරුදු දහයක් පමණ කාලයක් පැවතුණු මේ කැරැල්ල ඔලිවර් ක්‍රොම්වෙල් (බ.) විසින් දරුණු ලෙස මැඩ පවත්වන ලදි. කතෝලිකයකු වූ දෙවන ජේම්ස් රජු (1685–1688) එංගලන්තයේ රජකමට පත්වීමෙන් පසු තමන්ට ශුභ කාලයක් ළඟා වෙතැයි අයිරිෂ් ජාතිකයෝ සිතූහ. එහෙත් 1688 දී ජේම්ස් රජු ඉංග්‍රීසීන් විසින් සිංහාසනයෙන් පහ කරනු ලැබූ හෙයින් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. ජේම්ස් රජු අයර්ලන්තයට පලා ගොස් අයිරිස් ජාතිකයන්ගේත්, ප්‍රංස ජාතිකයන්ගේත් ආධාර ඇතිව ඉංග්‍රීසින්ට විරුද්ධව අයර්ලන්තයේ බොයින්හි දී කරන ලද සටනින් පරාජය වූයෙන්, අයිරිස් ජාතිකයන්ගේ තත්වය වඩාත් බරපතළ විය. ඉන් පසු ඔවුන්ට ලැබුණු නිදහස ඉතා ම අල්ප වූයෙන් ඔවුන්ට සිදු වූයේ වහලුන් මෙන් ජීවත්වීමටය.
අයිරිෂ් ජාතිකයන්ගේ තත්වය මේ අයුරු පවතින අතර, මේ වකවානුවේ දී, එනම් දහඅට වන සියවසේ අවසාන භාගයේ දී පමණ යුරෝපය හා අමෙරිකාව පුරා දේශපාලන නිදහස පිළිබඳ අදහස පැතිරෙමින් පැවැත්තේය. එබැවින් එංගලන්තය ද අයර්ලන්තය කෙරෙහි පෙර පැවති දැඩි ප්‍රතිපත්තිය මඳක් ලිහිල් කෙළේය. ක්‍රි.ව.1782 දී පැන වූ නීති රාශියක් ම අයර්ලන්තවාසීන්ට ඔවුන්ගේ නැති වූ නිදහස බොහෝ දුරට යළිත් ලබා ගැනීමට උදවු විය. එහෙත් අයර්ලන්තයේ එකල පැවති ආගම් භේදය (කතෝලික-ප්‍රොතෙස්තන්ත විරෝධය) නිසා අයිරිෂ් ජාතිකයන් දෙපක්ෂයකට බෙදී සිටි හෙයින්රටේ සමගියක් ඇති නොවීය. ප්‍රංස විප්ලවය යුරෝපයේ පැතිර ගියේ මේ අවධියේය. එය අයර්ලන්තයේ ද සිවිල් යුද්ධයක් ඇතිවීමට හේතුවක් විය. මේ අවස්ථාවේ දී ප්‍රංස ජාතිකයන්ගේ ආධාරය ද ඇතිව නිදහස් අයිරිෂ් කතෝලිකයන් ගත් තැත, ප්‍රංස ජාතිකයන් විසින් කරන ලද අයර්ලන්ත ආක්‍රමණය අසාර්ථක වූයෙන්, ව්‍යර්ථ වී ගියේය. එම සිද්ධියෙන් පසු අයර්ලන්තය හා එංගලන්තය ඒකාබද්ධ කිරීම පිණිස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී හා අයිරිෂ් පාර්ලිමේන්තුවේ දී නීති පනවා සම්මත කොට ගන්නා ලදි. මේ ඒකාබද්ධ කිරීම ක්‍රි.ව.1801 දී ක්‍රියාත්මක විය. මින් පසු අයර්ලන්තයේ දේශපාලන නිදහස හා ශුභසිද්ධිය සඳහා සටන් කරන්නට සිදු වූයේ බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයේ දී ය. ඒ නිසා එම ඒකාබද්ධ කිරීමෙන් ද අයිරිෂ් ප්‍රශ්නය නොවිසඳුණේය. පරණ පුරුදුපරිදි අයිරිෂ් ජාතිකයෝ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව නැවතත් කැරලි ගසන්නට පටන් ගත්හ. රොබට් එමට් නමැත්තකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රි.ව.1803 දී ඩබ්ලින්හි දී ඇති වූ කරැල්ල ඉන් පළමු වැන්නය. ක්‍රි.ව.1848 දී තවත් මෙවැනිම කරැල්ලක් ඇතිවිය. අයිරිෂ් ජාතිකයන් මේ වන විට ඉල්ලා සිටියේ අයර්ලන්තය එංගලන්තයේ පාලනයෙන් මුදා එහි පාලනය ස්වදේශිකයන් අතට පත් කරන ලෙසටය. කතෝලිකයන්ට නිදහස දෙන බවට දී තිබුණ පොරොන්දුව ඉටු නොවුණු බැවින් ඔව්හු තම අයිතිවාසිකම් ලබාගැනීම පිණිස උද්ඝෝෂණය කිරීමට කතෝලික සංගමයක් පිහිටුවා ගත්තෝය. 1828 දී පළමුවරට කතෝලිකයෙක් මහජන මන්ත්‍රී මණ්ඩලයට තෝරාගන්නා ලදි. 1829 දී කතෝලිකයන්ට රෙපරමාදුවාදීන්ට මෙන් ආගමික නිදහස හා අනිකුත් අයිතිවාසිකම් දෙන ලද්දේය.
ක්‍රි.ව.1914 පමණ වනතෙක් අයිරිෂ් ජාතික සටන කෙරුණේ නිදහස් අයිරිෂ් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහාය. නව අයර්ලන්ත සංගමය නම් ප්‍රබල පක්ෂයක් සංවිධානය වී සටනෙහි පෙරමුණ ගෙන කැරැල්ලක් පවා ඇති කෙළේය. එහෙත් ඉංග්‍රීසිහු මේ කැරැල්ල දරුණු ලෙස මැඩපවත්වා සංගමය අහෝසි කොට දැමූහ. ඉක්බිති නිදහස් සටන දිරි ගැන්වීම සඳහා තවත් ව්‍යාපාර දෙකක් ඇති විය. ඇමෙරිකාවේ එක්සත් ජනපදවාසී අයිරිෂ් ජාතිකයන්ගෙන් සමන්විත fපීනියන් සහෝදර සංගමය එක් ව්‍යාපාරයකි. කලැන්-නා-ගේල් සංගමය අනිකය. පීනියන් සහෝදර සංගමයෙහි ප්‍රධාන උපාය වූයේ අයර්ලන්තයෙහි කැරලිකෝලාහල ඇති කොට ඉංග්‍රීසි පාලනයට බාධා කිරීමය. කලැන්-නා-ගේල් සංගමය බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කෙරෙන හැම ව්‍යාපාරයකට ම මුදලින් ආධාර කෙළේය. මේ සංගම් දෙකේ කාර්ය කොතරම් සඵල වී ද යත් අයර්ලන්තයේ තත්වයෙහි වෙනසක් කිරීම අත්‍යවශ්‍ය බව එකල බ්‍රිතාන්‍ය අගමැති වූ ග්ලැඩ්ස්ටන්ට අවබෝධ විය. 1870 දීත් 1881 දීත් ඔහු අයිරිෂ් ඉඩම් නීතියක් පනවා පිටිසර ගොවියන් ඉඩම් හිමියන්ගේ තාඩනපීඩනවලින් මුදවන්ට වෑයම් කෙළේය. මේ අතරතුර අයිරිෂ් ජාතිකයෝ පාර්ලිමේන්තුව තුළත් සිය සටන කරගෙන යෑම පිණිස අයිසැක් බට්ගේ නායකත්වයෙන් 1872 දී ස්වරාජ්‍ය සංගමය පිහිටුවූහ. 1878 දී චාල්ස් ස්ටුවට් පානෙල් එහි සභාපති විය. මොහු හා සෙසු අයිරිෂ් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීහු ද නීති සම්පාදනය ආදී සෑම පාර්ලිමේන්තු කටයුත්තකට ම බාධා කරන්නට වූහ. ඔවුන් මේ උපායෙන් අදහස් කෙළේ බ්‍රිතාන්‍යයන්ට අයර්ලන්තය එපා වන තැනට හිරිහැර කොට ඒ මඟින් ස්වරාජ්‍යය ලබා ගැනීමය. ගොවියන් සිය ඉඩම්වලින් බලාත්කාරයෙන් පහකිරීමට විරුද්ධව පානෙල් පවත්වා ගෙන ගිය ව්‍යාපාරයේ දී ඇතැම් විට මැරවරකම් හා මිනීමැරුම් ද ඇති විය. අයිරිෂ් ප්‍රශ්නය විසඳීමට එක ම ක්‍රමය ස්වරාජ්‍යය දීම බව මේ අවස්ථාව වන විට ග්ලැඩ්ස්ටන්ට වැටහී තිබුණේය. එබැවින් ඔහු අයර්ලන්තයට වෙනම පාර්ලිමේන්තුවක් දිය යුතු යයි 1886 දී පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් ඉදිරිපත් කෙළේය. එහෙත් ඔහුගේ ම පක්ෂයේ ඇතැම් අයත් උතුරු අයර්ලන්තයත් මේ යෝජනාවට තදින් ම විරුද්ධ වූ නිසා, ඔහුගේ උත්සාහයෙන් පලක් නොවීය. 1892 දී ග්ලැඩ්ස්ටන් යළිත් අගමැති වූ විට ඔහු වහා ම තවත් එබඳු යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් සාමි මණ්ඩලයෙන් එය ප්‍රතික්ෂේප විය. මේ අතරතුර නිදහස් සටනට සහභාගි වීමට ෂින්fපේන් නම් තවත් ප්‍රබල පක්ෂයක් ඉදිරිපත් විය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කිසි ම සම්බන්ධකමක් නැති ස්වාධීන අයිරිෂ් ආණ්ඩුවක් සංවිධානය කළ යුතු යයි ෂින්fපේන්වරු උද්ඝෝෂණය කළෝය. ස්වදේශිකයන්ට පාලනය පැවරීම පිළිබඳ යෝජනාවක් 1914 දී සම්මත වූ නමුත් ප්‍රථම ලෝක මහා සංග්‍රාමය ඒ අවුරුද්දේ ඇරඹුණු හෙයින් එය ක්‍රියාවේ යෙදවීමට නොහැකි විය. යුද්ධය පටන් ගැනීමත් සමඟ ම අයර්ලන්තයේ කැරැල්ලක් පටන් ගැනීමට ආසන්නව තිබුණි. එකල එහි ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ෂින්fපේන්වරුන් ඉල්ලා සිටියේ ස්වදේශික පාලනයක් නොව සම්පූර්ණ නිදහසය. 1916 දී පාස්කු කැරැල්ල නම් වූ කැරැල්ලක් ඇති වූ නමුත් එය පහසුවෙන් ම මැඩ පවත්වන ලදි. මේ කැරැල්ලෙන් පසු 1918 දී ඇති වූ බ්‍රිතාන්‍ය මහජන ඡන්ද විමසීමේ දී ෂින්fපේන් පාක්ෂිකයන්ට විශාල ජයක් අත්වූයෙන් ඔවුන් ඉල්ලා සිටියේ මුළු අයර්ලන්තයට ම ස්වාධීනත්වය දී නිදහස් සමූහාණ්ඩුවක් පිහිටුවන ලෙසටය. මේ අතර ප්‍රථම ලෝක මහා සංග්‍රාමය ද අවසන් විය. එහෙත් අයර්ලන්තයේ නොසන්සුන්කම මඳක් වත් අඩු නොවීය. ෂින්fපේන් පාක්ෂිකයෝ ඔවුන්ගේ අභිමතාර්ථය ඉටුකර ගැනීම පිණිස ආණ්ඩුවට විරුද්ධව ගරිල්ලා යුද්ධයක යෙදුණාහ. 1919 මුල සිට ම 1921 මැද දක්වා මෙම අයිරිෂ්-ඉංග්‍රීසි යුද්ධය පැවතිණ. මේ නොසන්සුන්කම්වල අවසානයක් දක්නට සිතූ එංගලන්ත ආණ්ඩුව 1920 දී අයර්ලන්තය දෙකට බෙදීමේ ස්වරාජ්‍ය පනත (Home Rule Act) සම්මත කර ගත්තේය. උතුරු කොටස මෙය පිළිගත් අතර, දකුණේ අර්බුද තව තවත් වැඩි වූවා මිස සමථයකට නොපැමිණියේය. 1921 දෙසැම්බර් මාසයේ දී දකුණු අයර්ලන්තය හා බ්‍රිතාන්‍යය අතර අත්සන් කරන ලද ගිවිසුමක් අනුව 1922 දී නිදහස් අයිරිෂ් රාජ්‍යයක් බිහි විය. මේ අනුව නිදහස් අයිරිෂ් රාජ්‍යයට ලැබුණේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ කැනඩාවට ලැබී ඇති තත්වයට සමාන ආණ්ඩු ක්‍රමයකි. එක්සත් රාජ්‍යය තුළ ම සිටීමට උතුරු අයර්ලන්තය කැමති විය. 1922 දී ම නිදහස් අයිරිෂ් රාජ්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු බවට ද පත්විය. 1923 දී අයර්ලන්තයට ජාතීන්ගේ සංගමයේ (League of Nations) සාමාජිකත්වය ද ලැබුණි.
විලියම් කොස්ග්‍රේව් නිදහස් අයිරිෂ් රාජ්‍යයෙහි පළමුවන අග්‍රාමාත්‍යවරයා විය. මේ අතර ම සමූහාණ්ඩු පක්ෂය ඒමන් (ඊමන්) ද වැලේරාගේ නායකත්වයෙන් මුළු රට ම නිදහස් කරගැනීමේ සටන ගෙන ගියේය. 1932 දී වැලේරා අගමැති බවට පත්විය. 1937 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් සංශෝධනය කැරිණ. මේ දක්වා අයර්ලන්තයෙහි දකුණු කොට්ඨාසයේ ඇත්තේ 1937 ආණ්ඩු ව්‍යවස්ථාව ම ය. වෙනසකට ඇත්තේ කලක් එපෙදෙස හැඳින්වුණු ඒර යන නාමය 1949 දී වෙනස් කොට අයර්ලන්ත සමූහාණ්ඩුව යන නමින් ප්‍රදේශය හැඳින්වීමත් බ්‍රිතාන්‍යය සමඟ තිබූ සම්බන්ධකම් සියල්ලක් අත්හැර දැමීමත්ය.
පොත්පත්:
Hull, E. – A History of Ireland and Her People.
Lechy, W. E. H. – Leaders of public Opinion in Ireland (2 vols.).
Lecky, W. E. H. – History of Ireland (2 vols.).
O'Connor James. – History of Ireland (2 vols.)
Ireland, Tom - Ireland, Past and Present.
(සංස්කරණය:1963)